නොරොච්චෝල බලාගාරය සම්බන්ධයෙන් පැවති ණය පිළිබඳ ඉදිරියේදී ක්‍රියාකරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයයි

"2014 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තිබූ සියලූ ණය, මහා භාණ්ඩාගාරය විසින් පවරා ගත්තා. ඒ අතර තිබුණ ප‍්‍රධානම ණය මුදල තමයි, නොරොච්චෝ...


"2014 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තිබූ සියලූ ණය, මහා භාණ්ඩාගාරය විසින් පවරා ගත්තා. ඒ අතර තිබුණ ප‍්‍රධානම ණය මුදල තමයි, නොරොච්චෝල බලාගාරය සම්බන්ධ ණය මුදල. එය ඩොලර් මිලියන 1200 පමණ වෙනවා. මෙම ණය මුදල සම්බන්ධ ඉදිරි කටයුතු සියල්ල මහා භාණ්ඩාගාරය විසින් සිදුකරනවා. විදුලිබල මණ්ඩලයට මේ සිද්ධිය නිසා කිසිදු සෘජු හෝ වක‍්‍ර බලපෑමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම නොරොච්චෝල බලාගාරයට අලුතෙන් කොටස් එකතුවක්වත්, එම බලාගාරයේ කුමන හෝ කටයුත්තක අලූතෙන් කිසිඳු වෙනසක්වත් සිදුවන්නේ නැහැ" යි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පැවසුවේ, ඊයේ (07) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවකට එක්වෙමිනි. ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ගනුලබන ඉදිරි ක‍්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡුා කිරීම වෙනුවෙන් මෙම හමුව සංවිධානය කර තිබිණි. මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය තුළ දැනට පවත්වාගෙන යනු ලබන 50 ක් පමණ වූ වෘත්තිය සමිති නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගීවී සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2920255893550173299

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item