ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තවත් බාල්දියක්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ ආසන සංවිධායක තනතුරු ජනවාරි මාසයේදී අහිමිවනු ඇතැයි ශ්‍රීලනිප අ...

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ ආසන සංවිධායක තනතුරු ජනවාරි මාසයේදී අහිමිවනු ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට අවනත නොවී වෙනම කටයුතු කරන මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙම විනය පරීක්ෂණවලින් වැරදිකරුවන් බවට පත්වන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන මෙම මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක තනතුරු අහෝසි කර වෙනත් අයට එම වගකීම් පැවැරීමට මේ වනවිටත් සැලසුම් කර ඇත. 

මෙම තනතුරු අහිමි වීමත් සමග ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම කණ්ඩායමක් ලෙස තරග වදින බව ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7945181011101228042

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item