නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීම විමල් හෙළාදකියි

ශ්‍රී   ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩං...

ශ්‍රී  ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ජාතික නිදහස් පෙරමුණ තරයේ හෙළාදකින බව එහි නායක විමල් වීරවංශ කියයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පරිදිය.

නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින්නෙමු.

ශ්‍රී  ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ජාතික නිදහස් පෙරමුණ තරයේ හෙළා දකින්නෙමු.

ශ්‍රී  ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ සාමුහික තීරණයක් පදනම් කොට ගෙන එහි සේවකයන් වූ සභාපතිවරයා සහ තවත් අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු පමණක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. කොටස් වෙළඳපොළ පිළිබඳව තරුණයන් දැනුවත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයට අනුමැතිය ලබාදීම හේතුවෙන් නාලක ගොඩහේවා මහතාට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුව ඇත.

මෛත‍්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව අද පරිවර්ථනය වී ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවටය. පසුගිය ආණ්ඩුව සමයේ ජනතාව වෙනුවෙන් තම රාජකාරී ඉටු කිරීම සඳහා තීන්දු තීරණ ගත් නිලධාරීන්, අද මේ පොලිස් රාජ්‍යයේ ‘ගෙස්ටාපෝව’ වී ඇති FCID විසින් අත්අඩංගුවට ගැනීම සාමාන්‍යකරණය වී තිබේ. පසුගිය සමයේ රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළට තමන්ට හීලෑ නොවන රාජ්‍ය නිලධාරීන් මෙම කුරිරු දඩයමේ ගොදුරු බවට පත්ව තිබේ.

මේ නිසාම තමන්ටද එවැනි ඉරණමක් අත් වේ යැයි බියෙන් අද ඉහළ රාජ්‍ය සේවකයෝ ජනතාව වෙනුවෙන් ගත යුතුම තීරණ පවා ක‍්‍රියාත්මක කිරීමට පසුබට වෙති. මෙසේ අද සමස්ත රාජ්‍ය සේවයම තම ‘ගෙස්ටාපෝව’ පෙන්වා හිරිවට්ටවා, අකර්මන්‍ය කිරීමට මෛත‍්‍රී-රනිල් ‘යහපාලන’ ආණ්ඩුව කටයුතු කර තිබේ.

මේ තත්ත්වය වර්ධනය වීමට ඉඩදිය යුතු තත්ත්වයක් නොවේ. පටු වාදභේද දුරලා මේ සිදුවෙමින් පවතින තත්ත්වය පිළිබඳව සමස්ත රාජ්‍ය සේවකයන් පුළුල්ව සිතා බැලිය යුතුය. මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය උදුරා ගෙන තිබේ. පොරොන්දු වූ පරිදි රුපියල් 10,000 ඇතුළු අනෙකුත් දීමනා මූලික වැටුපට එකතුකර නැත. එසේම දීපව්‍යාප්ත රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ වාහන බලපත‍්‍ර වරාප‍්‍රසාදය අහිමිකර තිබේ. මෙම අයිතින් රැක ගැනීමට හෙට දවසේ පෙරට එන සමස්ත රාජ්‍ය සේවකයන්ටද අනාගතයේදී මෙම පොලිස් රාජ්‍යයෙන් ලැබෙන්නට නියමිතව ඇත්තේ ඉහත කී ආකාරයේ ‘සංග‍්‍රහයක්’ බවට අපි කල්තියා අනතුරු හඟවා සිටින්නෙමු.


විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2015.12.08



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3985920697035195161

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item