වර්ණසිංහට හුලං - වර්ණසිංහගේ අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමැතිට

බස්‌නාහිර පළාත් සභාවේ අයවැය ඡන්ද විමසුමේදී පරාජයට පත්වූ නිශාන්ත ශ්‍රී්‍ර වර්ණසිංහට අයත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊට අයත් සියලු විෂයයන් ලබන ස...

බස්‌නාහිර පළාත් සභාවේ අයවැය ඡන්ද විමසුමේදී පරාජයට පත්වූ නිශාන්ත ශ්‍රී්‍ර වර්ණසිංහට අයත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊට අයත් සියලු විෂයයන් ලබන සතියේදී තමා යටතට පවරා ගන්නා බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය ඊයේ (24 දා) පැවැසීය.

මෙම අමාත්‍යාංශය පවරා ගන්නා ලෙස බස්‌නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ලිත ඉල්ලීමක්‌ කර තිබෙන බවත් ඒ අනුව මෙම පවරා ගැනීම සිදුවන බවත් හෙතෙම කීය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අයත් අමාත්‍යාංශය යටතට සෞඛ්‍ය, දේශීsය වෛද්‍ය, සමාජ සුබසාධන , පරිවාස හා ළමා රක්‍ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු යන විෂයයන් ඇතුළත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය වීම නිසා ලබන වසරේ (2016) එම විෂය පථයට අයත් ආයතනවල සේවක වේතන ගෙවීම ඇතුළු අනෙකුත් කාර්යයන් කරගෙන යා නොහැකි බවත්, එය සක්‍රියව පවත්වාගෙන යැමට අවශ්‍ය නිසා එම අමාත්‍යාංශය පවරා ගෙන ආණ්‌ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ මහ ඇමැතිවරයාට යටත්ව පවතින බවත් යම් හෙයකින් අමාත්‍යාංශ වැය ශීර්ෂයක්‌ පරාජයට පත් වුවහොත් එම වැය ශීර්ෂය මහ ඇමැතිවරයා යටතට පත්වන බව කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජයට පත් වූයේ එම අමාත්‍යාංශය භාරව සිටි නිශාන්ත වර්ණසිංහගේ තිබූ දුර්වලතාවක්‌ නිසා බව පවසන මහ ඇමැතිවරයා එයට තමාට දොස්‌ නැඟීම පල රහිත ක්‍රියාවක්‌ බවත් පෙන්වා දුන්නේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4910101774225352803

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item