අලුත් පක්‍ෂයක්‌ පිහිටුවන පුවත ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ බේගලයක්‌ - ඩිලාන් පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි පළාත් පාලන ඡන්දය සඳහා අලුත් පක්‍ෂයක්‌ පිහිටුවන බවට පැතිර යන ආරංචිය ශ්‍රීලනිපය ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි පළාත් පාලන ඡන්දය සඳහා අලුත් පක්‍ෂයක්‌ පිහිටුවන බවට පැතිර යන ආරංචිය ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ වෑයමක යෙදී සිටින එජාපයේ බේගලයක්‌ විය හැකි බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එජාපය පැරදවීමට පෙරමුණ ගන්නා බවත්, ශ්‍රීලනිපය දෙකඩ වන ආකාරයට කටයුතු නොකරන බව අවධාරණය කර තිබියදී අධෝ මුඛයෙන් මෙවැනි පට්‌ටපල් බොරු ප්‍රචාරය කරන්නේ එජාපයේ කොන්ත්‍රාත්කරුවන් බවත්  කීය.

අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙසේද කීවේය.

"පසුගිය මහ මැතිවරණයේදීත් මේ විදියටම බොරු ප්‍රචාර පැතිරුවා. පසුගිය අය වැය ඡන්ද විමසීමේදීත් මහින්ද රාජපක්‍ෂ මහතා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළොත් ගැටලු ඇතිවෙලා පක්‍ෂය දෙකඩ වෙයි කියලා කීවා. නමුත් එහෙම වුණේ නෑ. තෙවැනිවර අය වැය ඡන්ද විමසන අවස්‌ථාවේදී ඉතා අනර්ඝ කතාවක්‌ කරලා අය වැය සංශෝධනවලට දායක වීම ගැන අගමැතිවරයාටත් ස්‌තුති කරලා ඡන්දය විමසන අවස්‌ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා.

අපි පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළා. පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කීපයක පුරප්පාඩු තිබෙනවා. මධ්‍යම කාරක සභාවේත් පුරප්පාඩු තිබෙනවා. ඇතැම් ආසනවල ආසන සංවිධායකවරු නෑ. මේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කර ගෙන ශ්‍රීලනිපය ශක්‌තිමත් කළ යුතුයි. ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතුවලදී ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කරන ශ්‍රීලනිප ආසන සංවිධායක තනතුරු ඉවත් කරන බවට විවිධ මාධ්‍ය ඔස්‌සේ බේගල් ප්‍රචාරය කරන්නේ ශ්‍රීලනිප ජයග්‍රහණයට බිය වී මේ පක්‍ෂය දෙකඩ කිරීමේ ෙච්තනාව ඇති එජාපයයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 100638551703069456

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item