මට සිංහල කතාකරන්න බෑ කියලා හුගක් අය බණිනවා - සුලේඛා

සුලේඛා ජයවර්ධන පුංචි තිරයේ නිතර හමුවන්නියක්. කා අතරත් කතාබහට ලක්වෙන ඇය ගැන දැනගන්න අප සුලේඛාට කතා කලා. අලුත් තොරතුරු අලුත් බලාපොරොත්තු ගැ...

සුලේඛා ජයවර්ධන පුංචි තිරයේ නිතර හමුවන්නියක්. කා අතරත් කතාබහට ලක්වෙන ඇය ගැන දැනගන්න අප සුලේඛාට කතා කලා. අලුත් තොරතුරු අලුත් බලාපොරොත්තු ගැන වගේම ඇයට ලැබෙන ප්‍රතිචාර ගැනත් ඇය කතා කළා. 

මේ දවස්වල හරි සතුටින් නේද? මම රගපාන ටෙලි නාට්‍යවලට හොද ප්‍රතිචාර ලැබෙනවා. අලුත් නිර්මාණවලට කතාත් කරනවා. ඒ දේවල් එක්ක සතුටු නොවී බැහැනේ.

හැබැයි සිංහල කතා කරන්න දන්නෙ නැහැ කියලා බැණුම් අහනවා කියලත් ආරංචියි? කුටු කුටු මාමා ටෙලි නාටයේ මගේ චරිතෙ තියෙන්නේ හරියට සිංහල කතා කරන්න බැරි පිටරට ඉදලා ආපු ගැහැනු ළමයෙක්නේ. ඒ කතාව බලන සමහර අය හිතන්නේ මට ඇත්තටම සිංහල කතා කරන්න බැහැ කියලා. ඒ නිසා බණිනවා. හැබැයි ඒ බණින එකෙන් තේරෙන්නේ මම ඒ චරිතෙ හොදට කරනවා කියන එකනේ.

හාසයෝත්පාදක නාට්‍යවලට ලැබෙන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද? කට්ටිය නම් හොදයි කියනවා. හැබැයි මම කොමඩිවලට වැඩ කරන්න එච්චරම කැමැති නැහැ. හැබැයි මට පිටපතක් ලැබුණාම හොදයි කියලා හිතුණොත් භාර ගන්නවා.

ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලේසිද? මට නම් ප්‍රවීණ අය එක්ක වැඩ කරන්න ලේසියි. ඒ අය හරි හොදයි. සමහරු නම් කියනවා ප්‍රවීණ අයගෙන් අලුත් අයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි කියලා. මට නම් එහෙම නැහැ. හැමෝම උදව් කරනවා. ප්‍රවීණ අයට ගරු නොකළොත් තමයි ඒ අය හොද නැහැ වගේ පේනවා ඇත්තේ.

කටකතා කැපිලි තියෙන ක්ෂේත්‍රයකට එන්න සුලේඛාට ගෙදරින් ඉඩ දුන්නද? අම්මා නම් මුලින් කැමති වුණේම නැහැ. ඒත් මට හැකියාවක් තියෙනවා කියලා දැනුණු නිසා පස්සේ කැමති වුණා. ඒත් දුර තියෙන වැඩවලට යනවට කැමැති නැහැ. ඒ නිසා මම භාර ගන්නේ කොළඹ අවට රූපගත කරන ටෙලිනාට්‍ය විතරයි.

සුලේඛා කටකතාවලට බයයිද? ප්‍රසිද්ධ වෙද්දි ජනප්‍රිය වෙද්දි කටකතා හැදෙනවා. මම කටකතාවලට බය නැහැ. ඒ වුණාට කටකතා හැදෙන්න නැති විදිහට ඉන්න මම දන්නවා. අපි ඉන්න විදිහ නරක නම් තමයි කටකතා හැදෙන්නේ.

ක්ෂේත්‍රය ඇතුළේ යාළුකම් තියෙනවද? මම මගේ වැඩ ටික කරලා දෙනවා හැර ක්ෂේත්‍රයේ අය එක්ක වැඩි යාළුකම් තියාගෙන ඉන්නේ නැහැ. මට කතා නොහැදෙන්නත් හේතුව ඒකම වෙන්න ඇති. ඔය ගතිය නිසාම කට්ටිය කියනවා ඇති මම ආඩම්බරයි කියලත්. ඒත් එකෙන් මට පාඩුවක් නැහැනේ.

ඇයි යළුකම් හදාගන්නේ නැත්තේ? කාවවුණත් අතේ දුරින් ආශ්‍රය කරන එක හොදයිනේ. මට තාමත් ඉන්නේ මගේ පාසල් කාලේ ඉදලා හිටපු හොදම යාළුවෝ ටික විතරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 8434832496436646087

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item