රාජිත පුත් චතුරගේ බිරිඳ, ග්‍රේරුගේ දියණිවරු දෙදෙනෙක් මාලඹේ පුද්ගලික වෛද්‍ය උපාධි හදාරති

මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තුල ඇමති රාජිත සේනාරත්නගේ පුත් මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ බිරිඳ සරූපා සමන්ගි මනතුංගත්, ඇමති මොහාන් ලාල් ග්...

මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තුල ඇමති රාජිත සේනාරත්නගේ පුත් මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ බිරිඳ සරූපා සමන්ගි මනතුංගත්, ඇමති මොහාන් ලාල් ග්‍රේරුගේ සහෝදරයාගේ දියණියන් දෙදෙනාත් ඉගෙනුම ලබමින් සිටින බව සමාජවාදී ශිෂය සංගමය පවසයි.

එම සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රිය මහතා පවසන්නේ මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පසුගිය ආණ්ඩුවෙත් මෙම ආණ්ඩුවෙත් මැති ඇමතිවරුන්ගේ සමීප ඥාතීන් රැසක් වෛද්‍ය උපාධිය හදාරමින් සිටින බවයි.

මේ හේතුව මත ආණ්ඩුව මෙම වෛද්‍ය විද්‍යාලය රැකගැනීම වෙනුවෙන් මෙතරම් පෙනී සිටින බවද ඔහු කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. මගෙ කවුරැවත් ඔය මාලබේ වෙෙද්‍ය විද්‍යාලෙ නැහැ. අැත්ත කිව යුතු නිසයි මේ ටික කියන්නෙ. අද ලොකෙ හැම රටේම වගේ පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල තියනව නම් ලංකාවෙත් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයක් තිබ්බහම එ්කෙ වරද මොකක්ද? ඔය පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලවලට විරැද්ධ වන අය විරැද්ධ වන්නෙ තනිකරම කුහක කමට බවයි මට නම් පෙනෙන්නෙ. දිස්ත්‍රික්ක අනුව සුදුස්සා තෝරන ක්‍රමය නිසා ලකුනක් අඩු වෙලා රජයේ වෙෙද්‍ය විද්‍යාලයකට අැතුලු වෙන්න බැරි වෙච්ච අය වෙෙද්‍ය වරයෙක් වීමට නුසුදුසුයි කියලද මේ පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල වලට විරැද්ද අය කියන්නෙ? එහෙම තේරිච්ච නැති අයගෙ අම්මලා තාත්තලා තමන්ගෙ ඉඩමක් කඩමක් විකුනල තමන්ගෙ දරැවව දොස්තර කෙනෙක් කොරන එකට ඉඩක් දෙන එක වැරදිද?

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 8578229132979288762

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item