සීගිරි ළඳුන්ගේ ඡායාරූප ගැනීම තහනම්

සීගිරි බිතු සිතුවම්වල ඡායාරූප ගැනීම තහනම් කර තිබෙනවා. අද (30) සිට මෙම තහනම කි‍්‍රයාක්මක බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචා...

සීගිරි බිතු සිතුවම්වල ඡායාරූප ගැනීම තහනම් කර තිබෙනවා. අද (30) සිට මෙම තහනම කි‍්‍රයාක්මක බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන කියා සිිටියේ.

විදුලි ආලෝක නොමැතිව සීගිරි බිතු සිතුවම්වල ඡායාරූප ගැනීම සඳහා කලින් අවසර දී තිබුණත් එම ක්‍රියාමාර්ගයන් නිසි පරිදි සිදු නොවීම සහ නරඹන්නන්ගේ ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මෙය පාලයන කළ නොහැකි බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ. ඒ හේතුවෙන් සීගිරි බිතු සිතුවම්වල ඉදිරි ආරක්ෂාව සඳහා මෙලෙස ඡායාරූප ගැනීම තහනම් කිරීමට තීරණය කළ බවයි පැවසුවේ.

ඉකුත් 28 වැනිදා සීගිරිය බිතු සිතුවම් ලෙනේ ඉහළ කොටසේ ඉපැරණි අඩි එකහමාරක පමණ බදාම තට්ටුවක් කඩාවැටුණා. සංචාරකයින් ද විශාල සංඛ්‍යාත පිරිසක් සීගිරිය නැරඹීමට ඉකුත් දින කිහිපයේදී පැමිණි බවයි වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් බදාම තට්ටුව කඩා වැටීමෙන් සීගිරි බිතුසිතුවම්වලට හානියක් සිදුවී නොමැති බවයි පසුව අනාවරණ වූයේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7709648640780446747

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item