ලංකාවේ IS සංවිධානය ක්‍රියාත්මක වේ - අත්අඩංගුවටගත් දැරිය කියයි

ශ්‍රී ලංකාවේ සිටින අයි එස් ඒජන්තවරයකු සමඟ සම්බන්ධතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් දැරිය මරාගෙන මැරෙන බෝම්බ කාරියක ලෙසත් ය...

ශ්‍රී ලංකාවේ සිටින අයි එස් ඒජන්තවරයකු සමඟ සම්බන්ධතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් දැරිය මරාගෙන මැරෙන බෝම්බ කාරියක ලෙසත් යෙදවීමේ උත්සායහක් තිබී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. එම පාසල් දැරිය ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල අයි එස් සාමාජිකයන් 200 දෙනකු පමණ සමාජ වෙබ් අඩවි ඔස්සේ ඇසුරු කර ඇති බව ඉන්දියා ත්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇතැයි ද ඉන්දියා මාධ්‍යය කියයි.

කර්නාටක ප්‍රාන්තයේ සිටිය දී අත්අඩංගුවට ගත් සිරාජ් උද්දීන් නම් අයි එස් සාමාජිකයා ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියන අයි එස් සාමාජිකයා හරහා එම සිසුවිය සංවිධානයට බඳවාගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.

මෙම දැරියගේ වෙනස්වීම් සම්බන්ධයෙන් සැක සිතී දෙමාපියන් කරන ලද පැමිණිල්ලකට අනුව ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය මෙම විමර්ශන පවත්වා තිබෙනවා.

ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය දැරියගේ සමාජ ජාල ගිණුම් සහ වට්ස්ඇප් ආදිය පරීක්ෂා කර ඇති අතර ත‍්‍රස්ත සංවිධාන සමග තොරතුරු හුවමාරුවේ යෙදුනු බව ඉන් හෙළිව තිබෙනවා.

ෆේස්බුක් හා වට්ස්ඇප් හරහා තමා අයි එස් සංවිධානයට බඳවා ගත් බවත්, වෛද්‍යවරියක කරන ලෙස තමා කළ ඉල්ලීම ඔවුන් පිළිගත් නිසා මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට තමා එකඟ වූ බවත් සිසුවිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පාපොච්චාරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එම සිසුවියගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බවත්, ඇය පුනරුත්ථාපනය කර සමාජ ගත කරන බවත් කියති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5512372671965056263

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item