UNP දිනවලා කාර් ගමු කියපු ඇඩ් එකේ නංගි කතාකරයි

යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සෙ කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා නේද? නෑ. මේ ඇඩ් එකේ කිසිම තැනක මං කියන්නේ නෑ යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවම කාර්...

යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සෙ කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා නේද? නෑ. මේ ඇඩ් එකේ කිසිම තැනක මං කියන්නේ නෑ යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා. මම කියන්නේ රාජ්‍ය සේවය තෘප්තිමත් කරනවපුරවැසියාගේ ජීවන මට්ටම ඉහළ නංවනවා. එතකොට අපිට කාර් එකක් ගන්න පුළුවන් කියලා.

කොහොම හරි කිව්වනේ මේ ආණ්ඩුව ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා. දැන් ඉතින් පුළුවන්ද? මං හිතනවා පුළුවන්. රාජ්‍ය සේවයේ 10,000කින් පඩි වැඩි වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වුණා. ගිය ආණ්ඩුව කාලේ ඇත්තටම මිනිසුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මේ තරම් පහර ගහන්න හේතුවක් නෑ. යූ.ඇන්.පී. ආණ්ඩුවක් යටතේ වාහනයක් ගන්න පුළුවන්ද බැරිද කියන එක මේ අය වැයෙන් කියන්න බෑ.

ඇයි කියන්න බැරි?මේ අය වැයෙන් සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න තිබුණු හැම චාන්ස් එකක්ම නැති කරලා තියෙනවා? ජනවාරි වලදි වාහන මිල අඩු වුණානේ ටිකක්. ඒකට සාපේක්‍ෂව බැලුවොත් මේ අය වැයෙන් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඇඩ් එකෙන් මම දුන්නු පණිවුඩේ නම් මට හිතෙන්නේ සිද්ධ වෙලා කියලා.

මොන පණිවුඩයක්ද? යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියන පණිවුඩයද? මම කියන්නේ ජීවන තත්ත්වය ඉහළ ගියාම වාහනයක් වුණත් ගන්න පුළුවන්. රටක් විදියට ආර්ථික ප්‍රතිපත්ති දිහා දුර දක්නා නුවණකින් බලන්න ඕන.

දැන් ඔයා වාහනයක් ගත්තද? ඔව්. මට වාහනයක් තියෙනවා.

යූ.ඇන්.පී. ආණ්ඩුව ආවට පස්සෙද ගත්තේ? නෑ මං පොඩි කාලේ ඉඳලා අපිට වාහන තිබුණා.

පොඩි කාලේ ඉඳලා වාහන තිබිලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සෙ කාර් ගන්න පුළුවන් කියලා මිනිසුන්ව ඇන්දුවා නේද? මම තාමත් කියන්නේ ඒ ඇඩ් එකේ මම කියන්නේ ජීවන තත්ත්වය නඟාසිටුවලා කාර් එකක් ගන්න පුළුවන් කියලා.

පාවිච්චි කරන කාර් එකේ වර්ගය? FB 15 Nisan

මේ අය වැයෙන් ඔය කාර් එක කොච්චර ගාණක් උඩට ගියාද? මේක 2001 නිෂ්පාදනය කරපු වාහනයක්. දැන් ඒකේ මොඩ්ල්ස් වෙනස් වෙලානේ එන්නේ. ඒ නිසා ඒ ගාණ හරියටම කියන්න බෑ මට.

ඔයා රජයේ සේවකයෙක්නේ. මොකක්ද ඔයා දරන තනතුර? මං සංවර්ධන සහකාර.

සංවර්ධන සහකාරවරියකගේ වැටුපෙන් මේ ආණ්ඩුව යටතේ දැන් ඔයාගේ ජාතියේ කාර් එකක් ගන්න පුළුවන්ද ඕන කෙනෙක්ට? මං හිතන්නේ මගෙ වැටුප ඊට වඩා වැඩියි. මම ඉන්නේ ව්‍යාපෘතියක. ව්‍යාපෘතිවල වැටුප් වැඩිවීම් තියෙනවනේ. මං හිතන්නේ මේ රජයේ නව ව්‍යාපෘති නිසා රජයේ සේවකයන්ට වැටුප් ලැබීම් තවත් වැඩිවෙයි. පෙට්රල්, ඩීසල්වලින් ඉතුරුවක් එනවා. පඩියෙනුත් ඉතුරුවක් එනවා. හරියට ආර්ථිකය කළමනාකරණය කළොත් මං නම් කියන්නේ කාර් එකක් ගන්න පුළුවන්.

අපි කතා කරන්නේ සාමාන්‍ය රජයේ සේවකයා ගැන?සාමාන්‍යයෙන් රජයේ සේවකයෝ ගන්නේ ඇල්ටෝ, මරුටි වගේ වාහනනේ. මේ දවස්වල වැඩිවුණා කියන්නේ ඒ වාහනනේ. මං දැක්කා ජනවාරි මාසයෙන් පස්සේ ගොඩක් රජයේ සේවකයෝ වාහන ගත්තා. හැබැයි ඉතින් මං හිතනවා මේක වාහන ගැනම කතා කරන්න ඕන වෙලාවක් නෙවෙයි.

ඔයාගේ වයසේම බයික් එකේ යන සාමාන්‍ය කොල්ලො, කෙල්ලො මේ ඇඩ් එකත් එක්ක හිතුවා යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් වෙයි කියලා?මම කිව්වනේ. තමන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවන ආණ්ඩුවක් ආවොත් පුළුවන් කියලා.

ඔයා හරියට දියවන්නාවේ ඉන්න එක්කෙනෙක් වගේනේ. ඡන්දෙට කලින් කියපු එක දැන් වෙනස් කරනවා නේද? ඒ කිව්ව දේම තමයි දැනුත් කියන්නේ. මම ඒ වෙලාවේ ඇඩ්වටීස්මන්ට් එකක රඟපෑවා විතරක් නෙවෙයි.

යූ.ඇන්.පී. එකට කඩෙත් ගියා? මම යූ.ඇන්.පී. එක වෙනුවෙන් පෙනී සිටියා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානම තරුණ සංවිධානය වන යොවුන් පෙරමුණේ ප්‍රධාන විධායක කාරක සභාවේ සාමාජිකාවක්. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමාජ ජාල කැම්පේන් එක මෙහෙයවන්න වුණේ මට.

ඒ කියන්නේ යූ.ඇන්.පී. කැම්පේන් එකේ බැහැලා වැඩ කරපු සාමාජිකාවක්? කොහොමද සමාජ මාධ්‍ය ජාල කැම්පේන් එක ඔබට ලැබුණේ? ඔව්. මට පුළුවන් උපරිම විදියට ඒ ඇඩ් එක වෙනුවෙන් පෙනී සිටියා. මම සමාජ විද්‍යා උපාධියක් තමයි කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. අවසාන වසර නිබන්ධනයේදී මම කළේ ෆේස්බුක් භාවිතයේ සමාජ විද්‍යාත්මක පසුබිම ගැන. ඒ නිසා ෆේස්බුක් එක ගැන ඇත්තටම මට අවබෝධයක් තිබුණා. යූ.ඇන්.පී. එකට මොනාහරි දෙයක් කරන්නත් වුවමනාව තිබුණා. අපි හැදුවා සෝෂල් මීඩියාවලින් ප්‍රමෝට් කරන්න ඇඩ්වටීස්මන්ට් පහක්. ඒ ඇඩ්වල රඟපෑවේ ඔක්කොම යොවුන් පෙරමුණේ අය. මේ ඇඩ් එකේ රඟපාන්න ඇත්තටම කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා තමයි ඔය ඇඩ් එකට මම රඟපෑවේ.

කොහොමහරි දැන් පාරේ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා ඇති? යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සේ දවසකින් දෙකකින් වාහනයක් ගන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය අය මට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කළා. මේක මාතෘ මූලික සමාජයක් වුණාට හරිම කැත විදියට තමයි ගැහැනුන්ට මඩ ගහන්නේ. මට මඩ ගහන වැඩිම පිරිස පිරිමි. ජාතික යොවුන් පෙරමුණේ විධායක සාමාජිකාවක් විදියට මම අදටත් සතුටු වෙනවා ඒ දීපු පණිවුඩය ගැන.

පණිවුඩය ගත්තු මිනිස්සු නම් දුක් වෙනවලු? ඒක මිනිසුන්ගේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ කියපු දේවල් හැමෝටම තේරෙන්නෙ නෑ. ආනන්ද හාමුදුරුවන්ට ළඟ ඉඳලවත් තේරුණේ නෑ.

මොකක්ද අර අන්තර්ජාලයේ සැරිසරන ඔබේ වීඩියෝ එක? වාහනයක වටිනාකමින් සියයට තිහක් ගෙවලා ඉතිරි මුදලට ලීසිං ලබා දෙන්න ගත්තු මේ ආණ්ඩුවේ තීරණය හොඳ එකක් කියලා මං ප්‍රකාශ කරපු වීඩියෝ එකක් වෙබ් සයිට් හරහා ප්‍රචාරය වෙනවා.

යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවම කාර් එකකින් යන්න පුළුවන් කියලා මුළු රටටම කියලා දැන් කොහොමද ආණ්ඩුවේ ලීසිං ප්‍රතිපත්තිය සාධරණීයකරණය කරන්නේ? සීයට සීයක ලීසිං පහසුකම ලබාදුන්නම වාහනයක් ගත්තම ගෙවන්න ඕන වාරිකය වැඩියි. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ ලීසිං කම්පැනිවල අයිතිකාරයොනේ. වාහනයේ වටිනාකමින් සීයට තිහක් හොයාගන්න පුළුවන් කියන්නේ ඒ මනුස්සයට ආර්ථික කළමනාකරණයක් තියෙනවා.

මේ අය වැයෙන් කාර් මිල ගණන් වැඩිවුණාට පස්සේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් වඩා හොයන්නේ කෝ අර ඇඩ් එකේ හිටපු නංගි කියලා? ඒ හැමෝටම මං කියන්නේ එ.ජා.ප. යුගයක් යටතේ වාහනයක් ගන්න පුළුවන් යුගයක් අනිවාර්යයෙන් එනවා. යූ.ඇන්.පී. ආණ්ඩුවක් ඇවිත් ඉදිරිපත් කරන පළමු අය වැයෙන් එහෙම ගන්න පුළුවන් කියලා මං කිව්වෙ නෑ.

මේ තරම් මඩ කාගෙන යූ.ඇන්.පී. එක වෙනුවෙන් පෙනී ඉන්නේ ඉස්සරහට ඡන්දෙවත් ඉල්ලනවද? මම ඡන්දෙ ඉල්ලනවද නැද්ද කියන එක මට කියන්න බෑ. ඒක මිනිසුන්ගේ අතරින් එන්න ඕන ඉල්ලීමක්. ජනතාව එහෙම ඉල්ලීමක් කළොත් එනවා. නැත්නම් තාම එහෙම බලාපොරොත්තුවක් නෑ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Replies
    1. Yes true. Very educated and intelligent girl not like the prostitutes in MR campaigns.

      Delete

emo-but-icon

Related

පුවත් 814337932409953271

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item