නිල්වලා ගඟට තෙල් ලීටර 15000ක මුසුවීමෙන් ජල පිරිපහදුව නවතියි

පිරිපහදුව සඳහා කත්දූව, බලකාවල සහ නාදුගල යන ජල මූලාශවලින් ජලය ලබා ගැනිම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර...

පිරිපහදුව සඳහා කත්දූව, බලකාවල සහ නාදුගල යන ජල මූලාශවලින් ජලය ලබා ගැනිම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

එම මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජයන්ත පතිරණ ප්‍රකාශ කළේ අකුරැස්ස නගරයේ ඉන්ධන පිරිවුම්හලක සිදු වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඊයේ (16) පෙරවරුවේ සිදුවු මෙම ඉන්ධන කාන්දුවිම හේතුවෙන් නිල්වළා ගඟට ඉන්ධන මිශ්‍ර වී ඇති බවයි වාර්තා වන අතර මේ හේතුවෙන් ජල පිරිපහදුව සඳහා ජලය ලබාගන්නා කත්දූව, බලකාවල සහ නාදුගල යන මූලාශවලින් ජලය ලබා ගැනිම තාවකාලිකව නතර කළ බව ජයන්ත පතිරණ වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

ජලය පිරිපහදු කිරිමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති බැවින් දෙවුන්දර, මිරිස්ස, දික්වැල්ල, කෝට්ටගොඩ, කුඩාවැල්ල, කැකණදුර, මාලිම්බඩ සහ මාතර යන ප්‍රදේශවල ජනතාව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4700647121905065568

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item