මන්ත්‍රීන් 151ක් මහින්ද වෙනුවෙන් ශ්‍රීලනිපයට පයින් ගහන්න සූදානම්

තව දුරටත් පක්‍ෂය විනාශ නොකර ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සභාපති ධූරයෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉවත්විය යුතු බවත්, ඉදිරි පලාත් පාලන මැතිවරණයේද...

තව දුරටත් පක්‍ෂය විනාශ නොකර ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සභාපති ධූරයෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉවත්විය යුතු බවත්, ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ති‍්‍රක්කයේ සියඵම පලාත් පාලන ආයතන ප‍්‍රධානීන් මහින්ද රාජපක්‍ෂ මහතා සමග බවත්, ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන නියෝජිත එකමුතුව අවධාරනය කලහ.

ගම්පහ සණස ශාලාවේ අද උදෑසන පැවති මෙම මාධ්‍ය හමුවට ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන 19යේම නියෝජිතයන් සහභාගී වූ අතර, ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන නියෝජිත එකමුතුවේ කැදවුම්කරු ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා සදහන් කලේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් 174න් 151ක්ම ඉදිරි පලාත් පාලන මැතිවරණය සදහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය අපේක්‍ෂා කරන බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතා තරග කරනු ලබන ඕනෑම පක්‍ෂයකින් තරග කිරීමට ඔවුන් සූදානම් බවද ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන නියෝජිත එකමුතුවේ කැදවුම්කරු රංජිත් ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

”මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා අපේ පක්‍ෂය දැන් සිරිකොතට විකුණලා ඉවරයි. මේ පක්‍ෂය එතුමා රනිල් වික‍්‍රමසිංහ මහතාට පාවා දුන්නා . ගමේ දේශපාලනය කරන්නේ් අපි. ගමේ අපේ පාක්‍ෂිකයන්ට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පිලිබදව කිසිදු විශ්වාසයක් නෑ. ඒ නිසා ඔවුන් අපට කියන්නේ මහින්ද මහතා ඉන්න පැත්තකින් ඡුන්දය ඉල්ලන්න කියලයි. අපි ඒකට ලෑස්තියි. මහින්ද මහත්තය නායකත්වය දෙන්නේ මොකෙන්ද අපි ඒ පක්‍ෂයෙන් ඉදිරි පලාත් පාලන මැතිවරණයට තරග කරනවා”

අත්තනගල්ල ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති පි‍්‍රයන්ත පුෂ්ප කුමාර මහතා.

”සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පස්සේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්‍ෂ යුගයයි. ශී‍්‍ර.ල.නි.පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරණායක මැතිතුමා එක්සත් ජාතික පක්‍ෂයෙන් එලියට බැස්සේ එම පක්‍ෂයේ ප‍්‍රතිපත්ති වලට එකග වෙන්න බැරුවයි. ඒත් අද ඒ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකයෝ යැයි කියා ගන්නා අය එක්සත් ජාතික පක්‍ෂය තුරුල්ලේ නැලවෙනවා. මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන ඡුන්දෙ ඉල්ලපු අය අද රනිල්ට කඬේ යනවා. රට විනාශයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් විනාසයි. ඒකට වග කියන්න ඕනෑ වර්තමාන සභාපතිවරයායි. ඒ නිසා අපි අපේ පාක්‍ෂිකයාගේ අයිතිය රැුකගන්න මහින්ද මහතා සමග කටයුතු කරනවා”

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පද්ම කුමාර අරංගල්ල මහතා.

”එක්සත් ජාතික පක්‍ෂය සමග නිදිවදින අපේම සමහර මැති ඇමතිවරු කියනවා අපි පක්‍ෂය කඩන්න හදනවලූ. මේක යූ.එන්.පී. කොන්ත‍්‍රාත් එකක්ලූ.

මේ පක්‍ෂය මෑතකදි කැඩුවෙ වෙන කවුරුත් නෙමෙයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතායි. ඔහු තමයි අපේ පක්‍ෂය සතුව තිබූ ජනාධිපතිකම කුමන්ත‍්‍රණයකින් උදුර ගත්තේ ඔහුයි අපේ පක්‍ෂය කැඩුවේ.අද පක්‍ෂය වෙනුවෙන් කිඹුල් කදු`ඵ හෙලන සමහර ඇමතිවරු 2001දී මේ පක්‍ෂය කැඩුවා. අද මහින්ද මහත්තයට බනින හිටපු නායිකාවත් මේ පක්‍ෂය කැඩුවා. මෛතී‍්‍රපාල මහත්තයට මේ පක්‍ෂය දිනවන්න ඕන්නම් ඉස්සෙල්ලා ඔහුට ඒ සදහා උවමනාව තිබෙන බව පෙන්විය යුතුයි. වහාම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අගමැතිවරයෙකු පත්කරලා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්න. විසුරුවා හරිනු ලැබූ පලාත් පාලන ආයතන යලි බලාත්මක කරන්න ඒ දෙකම කරන්න බැරිනම් දෙයියන්ගෙ නාමෙට පක්‍ෂෙ සභාපතිකම මහින්ද මහත්තයට දීලා ඉල්ලා අස්වෙන්න”

වත්තල හිටපු නගරාධිපති ඒ.එච්.එම්.නවුෂාඞ් මහතා.

”මම මුස්ලිම් ජනතාව වෙනුවෙනුයි කතා කරන්නේ මහින්ද මහත්තය මේ රටට ජයග‍්‍රහණ රැුසක් ගෙනාවා. මේ ආණුඩව ඒ ජයග‍්‍රහණ ආපසු හරවනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපි කවදාවත් යූ.එන්.පී. එකට මුක්කු ගැහුවෙ නෑ. මේ හදන්නේ අපේ පක්‍ෂය පාවා දෙන්න. මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මහින්ද මහත්තයයි. කුමන්ත‍්‍රණකාරයෝ මුස්ලිම් ජනතාව අතර, මහින්ද මහත්තය පිලිබදව වැරදි ප‍්‍රතිරූපයක් මැව්වා. රටේ ජනාධිපති නිසා අපි මෛතී‍්‍ර මහත්තයට ආදරෙයි. ඒ වුනාට අපේ පක්‍ෂෙට කරන හානිය තවත් බලන් ඉන්න බෑ. අපට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දීලා ඔබතුමා යන්න. අපි අපේ නායකයෙක් පත්කරගෙන මේ ගමන යන්නම්.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා.

”මේ ආණ්ඩුව ගමට වැඩක් කරන ආණ්ඩුවක් නෙමෙයි. ගම්පහ පලාත් පාලන ආයතන 17ක්ම විසුරුවා හැරලයි තියෙන්නේ. ගම්පහයි, මීගමුවයි නගරසභා හැර ඒ නගරසභා දෙකටත් වැඩ කරන්න දෙන්නේ නෑ ආණ්ඩුව. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුලේ තිබෙන අර්බුදය විසදන්න පක්‍ෂ නායකත්වයට උවමනාවක් නෑ. පාක්‍ෂිකයො බහුතරය ඉල්ලන්නේ මහින්ද මහත්තයව. අපිට එතුමා අවශ්‍යයි”

දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා.

”මහින්ද මහත්තයගේ ෆොටෝ ගහන් ඡුනදෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිහින් මැති ඇමතිකන් ගත්ත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරු අද ගලේ පැහැරූ බලලූන් ගානට වැටිලා. මේ ඔවුන්ගේ අවසාන ජයග‍්‍රහණයයි. අයෙ ඔවුන් කවදාවත් පාර්ලිමේන්තුවකට තියා මරණාධාර සමිතියකටවත් අපේ ජනතාව පත් කරන්නේ නෑ”

කටාන ප‍්‍රාදේශී සභාවේ හිටපු උප සභාපති නන්ද විජේරත්නද සිල්වා මහතා.

”මෛතී‍්‍රපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ අපිව කඬේ යවලා යූ.එන්.පී. එකට පලාත් පාලන ආයතනවල බලය ලබා දෙන්නයි. මැතිවරනෙදි අපේ පක්‍ෂෙ දිනවනවා කිව්වට මෛතී‍්‍රපාල මහත්තය පලාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට කරපු කෙන් ගෙඩියක් නෑ. එතුමා ඡුනදෙ ඉල්ලූවෙ අපේ පක්‍ෂෙන් නෙමෙයි. හංසයාගෙන්. වැදලා ඉල්ලන්නේ පක්‍ෂෙ සභාපතිකමින් ඉවත්වෙන්න. ස්වාධීන පුද්ගලයෙක් විදියට ජනාධිපතිකමේ ඉන්න. අපි මහින්ද මහත්තයත් එක්ක මේ ගමන යන්නම්”

ජා-ඇල ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලලිත් නිශාන්ත, මහර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත වන්නිආරච්චි,වත්තල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිනි සුරනි මංජුලා , මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති ෆෙඞ්රික් අලහකෝන්, කටුනායක සීදුව නගර සභාවේ උප සභාපති ගාමිණී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහුද මෙහිදී කතා කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7374296637742736619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item