2016 සංශෝධිත අයවැය ඉදිරිපත් කර නෑ - රනිල්ගේ හොර ගේමට සැබෑ විපක්ෂයේ දැඩි විරෝධය

ගිය දෙසැම්බරයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දු වූ පරිදි 2016 වසර සඳහා වූ සංශෝධිත අයවැය යෝජනාවලිය මෙම ජනවාරි මාසයේදී පාර්ලිමේන...



ගිය දෙසැම්බරයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දු වූ පරිදි 2016 වසර සඳහා වූ සංශෝධිත අයවැය යෝජනාවලිය මෙම ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් නොකිරීම නිසා ඒකාබද්ද විපක්‍ෂය විසින් විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මුළු ජනවාරි මාසයම සංශෝධිත අයවැය ඉදිරිපත් කරන ලෙස කල් දුන් බව පවසන ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ ජනවාරි මාසය තුල එවන් කිසිම සූදානමක් හෝ ඇතැයි සිතිය හැකි හැසිරීමක් අගමැතිවරයාගෙන් හෝ මුදල් ඇමතිවරයාගෙන් දිස් නොවූ බවයි.

මේ හේතුවෙන් සැබෑ අයවැය කුමක්දැයි දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවත් එය ඉදිරිපත් කරන තෙක් දැඩි විරෝදතා ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7027111257403776201

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item