කෝටි ගණනක කුඩු(21 KG) අම්බලන්ගොඩින්

රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් ළග තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය ඊයේ (30) රා...

රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් ළග තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය ඊයේ (30) රාතී‍්‍ර සමත් වුණා.

ඒ, මාදම්පාගම ප‍්‍රදේශයේදීයි. සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් 20 යි ග‍්‍රෑම් 870 ක් සොයා ගැණුනා.

ඒවා බෑග් අටක අසුරා තිබුණා. ඊට අමතරව මෙම සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග‍්‍රැම් එකයි ග‍්‍රෑම් 100 ක් ද සොයාගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලීසියේ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා.

මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6566656624440464211

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item