උපේක්ෂාගේ විවාහය ජනවාරි 24ර කිංග්ස්බර් හෝටලයේ පැවැත්වේ

2016 අවුරුද්දේ හා පුරා කියලා මංගල සීනු නම් හැඩවන්නේ උපේක්ෂා ස්වර්ණමාලීට. තවමත් පෙම්වතා ගැන මාධ්‍යට ප්‍රසිද්ධ කරලා නැති වුණත් විවාහය ගැන උපේ...

2016 අවුරුද්දේ හා පුරා කියලා මංගල සීනු නම් හැඩවන්නේ උපේක්ෂා ස්වර්ණමාලීට. තවමත් පෙම්වතා ගැන මාධ්‍යට ප්‍රසිද්ධ කරලා නැති වුණත් විවාහය ගැන උපේක්ෂා ප්‍රසිද්ධියේම කතා කරනවා. ජනවාරි 24 කිංග්ස්බරි හෝටලයේදී උපෙක්ෂාගේ විවාහය සිද්ධවෙන බව උපේක්ෂාම අපිත් එක්ක කිව්වා. ඒත් ඒ උත්සවය වැඩි විච්චූර්ණ නැතිව සීමිත පිරිසක් සහභාගි වෙන බොහොම චාම් උත්සවයක්ලූ.

බලාපොරොත්තු ගොන්නක් එක්ක අලුත් ජීවිතයකට මුල පුරන උපේක්ෂාට යහපත්, සුන්දර පවුල් ජීවිතයක් වගේම ඉක්මනින්ම හුරතල් දරුපැටියෙක්ගේ මූණ බලන්න වාසනාව ලැබේවා කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කළා. විවාහය ගැන ඇය සමග අප කළ පුංචි කතාබහක් මෙන්න.

විවාහයත් සිදුවෙනවා නේද? ඔව්. මම ජනවාරි 24 වැනිදා කසාද බඳිනවා.

ඔහු දේශපාලනඥයෙක්‌ කියන කතාව ඇත්තද? නැහැ. ඔහු දේශපාලනඥයෙක්‌ නෙමෙයි.

උපේක්‍ෂාගේ දේශපාලන කටයුතුවලට උදව් කළා කියන්නේ ඇත්තද? මගේ දේශපාලන වැඩසටහන්වලට ඔහු අනුග්‍රහය ලබාදීලා තියෙනවා. එතැනදී තමයි මම ඔහුව දැනහඳුනාගන්නේ. 2001 වසරේදී තමයි ඔහු මට හමුවෙන්නේ. ඊට එහා විශේෂ සම්බන්ධයක්‌ තිබුණේ නැහැ. හැබැයි ඔහු හොඳ මනුස්‌සයෙක්‌ විදිහට තමයි මම දකින්නේ.

විවාහ උත්සව තියෙන තැන එහෙම කියමු නේද? කිංස්‌බරි හෝටලයේ තමයි අපේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ. මේ විවාහය දිහා හැමෝම බලාගෙන ඉන්න හින්දා හරිම සරලව තමයි සිදුකරන්නේ. විවාහ ගිවිස ගැනීම විතරයි සිදුකරන්නේ.

ඇයි එහෙම සිදුකරන්නේ? මගේ දෙවැනි විවාහ නිසා අනවශ්‍ය විදිහට උලුප්පන්න වුවමනා නැහැ කියලත් මට හිතෙනවා. ඒක චාරිත්‍රානුකූලව සිදුවුණහම ඇති කියලයි මට හැඟෙන්නේ. උත්සවයක්‌ හැටියට යමක්‌ කරන්නත් ඕනෑ. අනික බැඳීමකට අවශ්‍ය වෙන්නේ නීත්‍යනුකූලභාවය විතරයි කියලයි මට හැඟෙන්නේ.

ඇත්තද කලාකරුවන්ට ආරාධනා කරන්නේ නැහැ කියන්නේ ? කලාකරුවන් අතළොස්‌සකට ආරාධනා කරනවා. හැබැයි එහෙම කියලත් තෝරාබේරාගන්න අමාරුයි. මොනවා වුණත් බොහොම අමාරුවෙන් දහදොළොස්‌දෙනෙකුට ආරාධනා කළා. කොහොමත් මගේ විවාහයට ආරාධනා කරන්නේ 150 දෙනෙකුට විතරයි.

දැන් ඉතිං අනාගත සැමියාගේ විස්‌තර කියමු නේද? නම නැතිව සියලු විස්‌තර කියන්නම්. අපි දෙන්නා අතර අවුරුදු අටක වයස්‌ පරතරයක්‌ තියෙනවා. ඒක මට ලොකු ශක්‌තියක්‌.

ඒ මොකද? අපේ ජීවිතය ජනප්‍රිය චරිත විදිහට හරි සංකීර්ණයි. ඒ හින්දා මගේ ජීවිතය ගැන ඔහුට හොඳට තේරුම් ගැනීමේ හැකියාවක්‌ තියෙනවා. ආදර සම්බන්ධයකින් නෙමෙයි ඔහුව මම අඳුරගන්නේ. අනික මම ගැන හොඳට හොයලා බලලා තමයි ඔහු මේ තීරණය අරගෙන තියෙන්නේ.

එතකොට මේ විවාහය ආදර සම්බන්ධයක්‌ නෙමෙයි ?නැහැ. මේක යෝජිත විවාහයක්‌. ඔහු මුලින්ම මගෙන් අහපු වෙලාවේ ගෙවල් එක්‌ක කතා කරලා අම්මාගේ කැමැත්ත අරගෙන කේන්දර බලලා තමයි මේ විවාහය සිදුකරන්නේ. විවාහ දිනය පවා තීරණය කළාට පසුව තමයි මම ඔහුව ඇසුරු කරන්න පටන්ගත්තේ. ඔහු ව්‍යාපාරිකයෙක්‌.

කොහෙද පදිංචිය? ඒ ගැන පසුව කියන්නම්. දැනට ඔය ඇතිනේ.

ඇයි ඒ. කට ඉස්‌සර කරගෙන අමාරුවේ වැටෙන්නේ නැහැ කියන තැනද ඉන්නේ ? ඇත්තම කතාව ඒක තමයි. මොකද දන්නවාද ගිනිපෙනෙල්ලෙන් බැටකෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බයයි කියලා කතාවක්‌ තියෙනවානේ. ජනප්‍රිය චරිතවල ජීවිතය නිසියාකාරව පවත්වාගෙන යන්න හරිම අමාරුයි. ඒක තමයි ඇත්තම තත්ත්වය. සමාජයේ ඉන්න බහුතරයකට ඒක තේරෙන්නේ නැහැ. අපි ඉන්න වටපිටාව සාමාන්‍ය මනුස්‌සයෙකුට තේරුම්ගන්න හරිම අමාරුයි. ජනප්‍රිය චරිතවල ජීවිතය පවත්වාගෙන යන්න ඔවුන්ට ලොකු ශක්‌තියක්‌ ඕනෑ.

මේ තීරණය හොඳට හිතලා මතලාද ගත්තේ ? මම එහෙම විශ්වාස කරනවා. මොකද කලින් විවාහය අවුරුදු පහක සම්බන්ධතාවක්‌. අම්මාගේ අකැමැත්ත තිබුණා. ඒ වගේම අපි දෙන්නාගේ පසුබිම්වල නොගැලපීම් තිබුණා. ඒ හැමදේම විඳදරාගෙන ඉදිරියට යන්න තමයි හැමදේම කළේ. නමුත් බැරිවුණා. කොහොම වුණත් ඒ විවාහය හින්දා අපේ ජීවිතවල ලොකු පසුබෑමක්‌ ඇතිවුණා. ඒක මගේ ජනප්‍රියත්වයට පවා බලපෑවා.

දැන් එහෙම වෙන එකක්‌ නැහැ ? අපි දෙන්නගේ විවාහයට අම්මාගේ ආශිර්වාදය පවා ලැබුණා. පවුල් පසුබිම් ගැලපෙනවා. මේක ඇත්තටම කිව්වොත් බුද්ධියෙන් ගත්ත තීරණයක්‌ කියලයි මම හිතන්නේ. අද මම හදවතින් සියයට දෙසීයක්‌ එයත් එක්‌ක බැඳිලයි ඉන්නේ. හැමෝම මාව අතහැරපු වෙලාවේ එයා මගේ ළඟින් හිටියා. ඔහු තමයි මට මුලින්ම විවාහ යෝජනාව ගෙනආවේ. දැන් අපි ඉන්නෙ ලදබොළඳ තැනක නෙමෙයි. අනික ඔහු මගේ හැකියාවන් මොනවාද, අවශ්‍යතාවන් මොනවාද කියන එක හොඳින් තේරුම් අරගෙන ඉන්නේ.

ඔබේ කලා වැඩකටයුතුවලට ඔහුගෙන් තහංචි වැටේවිද?කොහොමටවත් නැහැ. හැබැයි ඔහු මට සියල්ල තේරුම් කරදෙනවා.

අකලංකට විවාහ උත්සවය කිව්වේ නැතිද? මට පුද්ගලයෙක්‌ විශේෂ වෙන්නේ මගේ හිතට ශක්‌තියක්‌ වෙලා මගේ අඩුපාඩු පෙන්වාදෙනවා නම් විතරයි. ඉතිං මගේ විවාහ උත්සවයට ආරාධනා කළේ එවැනි පිරිසකට විතරයි. ඒක හින්දා එදාට අකලංක නැහැ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 5222100727188623933

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item