නිතීපතිට හා ගස් වැද්දාට මාර්තු 30 දක්වා කල් දෙයි

විල්පත්තු වන සංහාරයට එරෙහිව ගොනුකර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට සහ ඇමැති රිෂාඩ් බදියුදීන් මහත...


විල්පත්තු වන සංහාරයට එරෙහිව ගොනුකර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට සහ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබා දීමට අභියාචනාධිකරණය ඊයේ (21) තීරණය කෙළේය. ඒ අනුව එම විරෝධතා ලබන මාර්තු මස 30 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම විය.

විල්පත්තු වන රක්ෂිතය එළි පෙහෙළි කොට නැවත පදිංචිකිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස නීතිඥවරු කළ ඉල්ලීමකට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය කෙළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. 

සීමාසහිත පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. 

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවි අධ්‍යක්ෂ ජෙනරාල් , ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා, මන්නාරම දිසා ලේකම්වරයා, ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු අට දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති. 

විල්පත්තු අභය භූමි වන රක්ෂිතය ආශ්‍රිත මරිච්චිකට්ටු හා තවත් ප්‍රදේශවල කැලෑ එළිපෙහෙළි කර තාවකාලික ඉදිකිරීම් කර ඇති බවට පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත් වීම මත එම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් කරන බවද පෙත්සමෙහි සඳහන් විය.

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයකට අයත් කැලෑ එළි පෙහෙළි කරමින් කරන මෙම වන සංහාරය නිසා පරිසරයට මෙන්ම ජෛව විවිධත්වයට විශාල හානියක් කර ඇති බවට පෙත්සම මගින් පෙන්වා දී තිබිණි. එම බිම් ප්‍රදේශයෙහි පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ඇති බවද මෙම කැලෑ එළි පෙහෙළි කර සිදු කරන නැවත පදිංචි කිරීම් නිසා ඒවාටද හානි වන බවටද පෙත්සමෙහි සඳහන් විය.

එබැවින් එම කැලෑ එළි පෙහෙළි කිරීම් සහ නැවත පදිංචිකිරීම් අත්හිටුවන ලෙස නියෝග කරන්නැයි පෙත්සම මගින් ඉල්ලා තිබුණි. 

එසේම එම කැලෑ එළිපෙහෙළි කිරීම් සහ නැවත පදිංචි කිරීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.‍ 

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4713607976379080046

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item