ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙක් සිරියාවට ගිහින්

ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති. දරුවන්, කාන්තාවන්...

ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති.

දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක් වෙනත් රටවල වන්දනා ගමන්වල නිරත වන බව පවසමින් මෙසේ සිරියාවට ගොස් තිබෙන බව, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

"දැනට තියන දත්තයන් අනුව තිස් හය දෙනෙක් පමණ - පවුල්වල උදවියත් ළමයිනුත් එක්ක තමයි තිස් හය දෙනා වෙන්නේ - සිරියාවට ගොස් ඇති බවට වාර්තාවක් ලැබිල තියෙනවා," ඔහු සඳහන් කළේ සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔවුන්ගෙන් පිරිසක් අයිඑස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට බැඳී ඇතැයි සැලකෙන බවත් ඔහු පැවසීය.

"සියලුදෙනාම නෙවෙයි. තිස් හය දෙනාම නෙවෙයි. ඉන් කිහිපදෙනෙක් තමයි අයිඑස් සංවිධානයට බැඳුන බව ආරංචි."

මේ පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්වූයේ කවදාද, ඔවුන් පිටත්වූයේ එක්වරද, වෙන වෙනමද යනාදී විස්තර මේ මොහොතේ තමන් සතුව නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

කැරලිකරුවන් සමඟ සම්බන්ධවීම පිණිස ශ්‍රී ලාංකිකයන් සිරියාවට යාම සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් ලැබී නැති බව, පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ අතර බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

පවුල් නමයකට අයත් ශ්‍රී ලාංකිකයන් 45 කට ආසන්න පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳීම පිණිස ගැටුම් පවතින සිරියාවට ගොස් ඇතැයි මීට ඉහතදී සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි.

ගලේවෙල වාසී 37 හැවිරිදි අබු ශූරා ශෛලානි පසුගිය ජුලි මාසයේ සිරියාවේ සටන්වලදී මියගිය බවත් මීට ඉහතදී ජනමාධ්‍ය වාර්තා කළේය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4119383194176249133

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item