ජනවාරි 8 කළු සිකුරාදාවක් - රටපුරා කළුකොඩි

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ස නායක පාර්ලිමේන්තු මන්ත‍්...

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ස නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

අද අපි සුපුරුදු සුදු ඇඳුම වෙනුවට කළු ඇඳුමෙන් මේ මාධ්‍ය හමුවට ආවේ ජාතියේ අඳුරුතම යුගය ආරම්භවී වසරක් පිරෙනවා කියන පණිවිඩය ජාතියට ලබාදෙන්නයි. අපි පසුගිය වසර දෙස හැරිල බලද්දි ජනපති තුමන් දිවුරුම්දීල පලවෙනි විනාඩි දෙක තුලම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කලා. මේ ලෝක ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙක් දිව්රුම් දීල පලමු විනාඩි දෙක ඇතුලත ව්‍යවස්ථාව උල්ලංඝණය කරල අපිට වාර්ථා වෙලා නෑ. ඒ ගිනස් වාර්ථාවේ හිමි කරුවා අපේ ජනපතිතුමනුයි.

එතුමන් ව්‍යවස්ථා විරෝධී අන්දමට රටේ අගමැතිවරයා සිටියදී අගමැති ධූරයේ පුරප්පාඩුවක් නොතිබියදී අගමැති ධූරය සදහා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව පත්කලා. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව අගවිනිසුරුවරයා ඉවත්කළා. ඒ වගේම හිට්ලර්ගේ ගෙස්ටාපෝ වැනි පොලිස් ඒකකයක් පිහිටුවලා දේශපාළන විරුද්ධවාදීන් මර්දනය පටන් ගත්තා.

දකුණු ආසියාවේ දැවැන්තම වංචාව වන මහ බැංකු බැදුම්කර වංචාව සිදුවුනෙත් මේ ආණ්ඩුව යටතේ. මහ බැංකුවේ වංචාවක් සිදුවුණු බවට ජනපතිතුමන් රාජිත සේනාරත්න මැතිතුමන් පා.ච. රණවක මැතිතුමන් පිළිඅරගෙන තිබෙනවා. එහි ප්‍රතිථලයක් විදිහට කොටස් වෙළද පොල පහුගිය වසරේ 5.5% කඩා වැටිල තියෙනව. ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 133 සිට 146 දක්වා වැඩිවෙලා රුපියල බාල්දුවෙලා තියෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කල බටහිර බලවතුන්ගේ ආයතනයක් වන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා 7% බලාපොරොත්තු වුන ආර්ථීක වර්ධනය 5% දක්වා ඇද වැටී තියෙනවා කියල.

අනිත් පැත්තෙන් නීතියේ ආදිපත්‍යය බිද වැටිල තියෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරද්දි අද මන්ත්‍රීවරුන් නීතිය අතට අරගෙන තියෙනවා. නීතියට ගරුකිරීම ක්‍රමයෙන් සමාජයෙන් ඉවත්වයාම නිසා පසුගිය වර්ෂයේ 2014ට සාපේක්ෂව රිය අනතුරු පමනක් 30% කින් වැඩිවෙලා තියෙනවා. මිනීමැරුම් වැඩිවෙලා තියෙනව. ලස්සනට තිබුනු කොළඹ නගරය අපායක් බවට පත්වෙලා තියෙනවා. පාතලය යලි හිස ඔසවමින් තියෙනවා. මේ සියල්ල එකට කැටිවී අපිට කියන්නේ අප අද ජීවත්වන්නේ නිදහස් ශ්‍රී ලංකිවේ අදුරුතම යුගයේ කියායි.

මේ බව සංකේතවත් කරමින් අපි ජනවාරි 08 වෙනි සිකුරාදා කළු සිකුරාදා (Black Friday) ලෙස නම් කර තිබෙනවා. අපි එදිනය කළු කොඩි එසවීමේ වැඩසටහනට අවශ්‍ය රැල්ල හදාගැනීම සදහා අපි ජනවාරි 2වෙනිදා ඉදන් කළු කොඩි එසවීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. යහපාලනය ආණ්ඩුවේ ඇමතිවරියක වන තලතා අතුකෝරල මහත්මිය කියනවා අපේ ජනපතිතුමන් පත්වූ දිනයේ කළු කොඩි ඔසවන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නෑ කියල. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියනවා කළු කොඩි එසෙව්වොත් ඊට දැඩි ප්‍රථික්‍රියාවක් දක්වනවා කියලා. තර්ජනයෙන් ගර්ජනයෙන් විපක්ෂය යටපත්කිරීමට දක්වන මේ උත්සාහය යහපාළනයද කියා අපිට අහන්න වෙනවා. අපි මේ මර්ධනය බලාපොරොත්තු වුනා. ඒ නිසා අපි ජනතාවට කිව්වා ඔබට කළු කොඩි එසවීමට බියක් දැනෙනවානම් ඔබේ මුහුණු පොතේ හැදුනුම් පින්තූරය කළු කොඩියක් බවට පත්කර මේ සටනට දායක වෙන ලෙසට.

මේ වන විට මුහුණු පොත සිසාරා කළු කොඩි එසවෙමින් තියෙනවා. ඒ හරහා මේ ආණ්ඩුව කෙරෙහි විශේෂයෙන්ම මේ ආණ්ඩුවට එරෙහිව ඡන්දය දුන් ජනතාවගේ කළ කිරීම කේන්තිය අපිට මුහුණු පොත පුරා අපිට දකින්න පුළුවන්.

ඒ වගේම ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමන් කියනවා කළු කොඩි එසවීමට ප්‍රතිචාරය ලෙස ජනපති පදවි ප්‍රාප්තිය සමරා මැතිවරණ ජය සමරා ජාතික කොඩිය ඔසවන්න කියලා. ගරු සභානායකතුමනි ඔබතුමා විසින් ඔය සමච්චලයට ලක්කරන්නේ ඔබතුමාගේ තනතුරයි. රාජ්‍ය පරිපාලන චක්‍රෙල්කයක් තියෙනවා ජාතික කොඩිය භාවිතා කල යුත්තේ ජාතික උත්සව අවස්ථාවක පමණයි කියලා. ඒ කියන්නේ නිදහස් දිනය, රණවිරු දිනය වැනි දිනයන්. මේ රටේ 52 % ජය ගත්ත 48 පරාජය වුනු දිනය ජාතික උත්සවයක් නෙවෙයි. එය හංස සංධානයේ මැතිවරණ ජයග්‍රහණයක් විතරයි.

හිරුණිකා පොලිසිය සමග රංගනයක

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා තමුන්නාසේලා පහුගිය කාළේ නගපු දැවැන්ත පිඩනය අපිත් සහයොගය දුන්නා යුක්තියේ නාමයෙන් එය පොරොන්දු වූ යහපාලනය නිසා. යහපාලන ආණ්ඩුව යහපාලනය ගෙන එමට පුරෝගාමි වූ නිසාම එතුමියට නීතිය ක්‍රියාත්මක කළේ නෑ. අපි ප්‍රශ්න කලා ජනාධිපතිතුමාට තියෙන මුක්තිය එතුමියටත් තියෙනවද කියලා. අද එකට විකල්පයක් යොදා ගෙන තියෙනවා. ඊයේ මට පොලිසියේ උසස් නිළධාරියෙකු ඉතා කලකිරීමෙන් කතා කරලා කියුවා මන්ත්‍රිතුමා හෙට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය අත්අඩංගුවට ගන්නවා කොළඹ මහේස්ත්‍රත් උසාවියේ දෙවැනි අධිකරනයට ඉදිරිපත් කරනවා පොලිසිය ඇප ලබා දෙන්න විරුද්ධ වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා. එහෙම නම් ඇයි පොලිසිය කෙනෙක්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ. මිනිමැරුම් නඩුවකදි නම් සැකකරු පැනලායවි අධිකරනයට නැවත එන්නේ නැතිවෙයි කියලා තමයි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ. දෙවැනි හේතුව තමයි සැකකරු නිදැල්ලේ සිට සාක්ෂි විනාශ කරලා විමර්ෂනයට බධාවක් වෙයි කියලා තමයි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ.එතුමිය පාර්ලිමේන්තු මනිත්‍රිවරියක්. යහපාලන ආණ්ඩුනේ ප්‍රබල සමාජිකාවක්. එතුමියට පොලිසියට බලපැම් කරන්න පුළුවන්. එතුමියම මාධ්‍ය හමුවක් තියලා කියනවා පැහැර ගැනීමටලක්වුණු පුද්ගලයා පැමිණිලි කරා විතරයි පොලිසියේ ඩි.අයි.ජි කතා කරලා කියනවා ඔයාගේ ජිප් එක අරන් ගිහින් පැහැර ගැනිමක් සිදු කරලා කියලා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා කියලා. අපිට විරුද්ධව පැමිණිලි අවම නම් ඩි.අයි.ජිලා ගෙදරට කතා කරලා කියන්නේ නෑ. එකෙන් පැහැදිලි වෙනවා මන්ත්‍රිතුමිය පොලිස් විමර්ශන වලට බධා කල හැකි තැනකයි ඉන්නේ. එහෙමනම් රක්ෂිත බන්ධනාගාර ගත කල යුත්තේ ආරක්ෂකයින් නොව ආරක්ෂකයින් මෙහෙයවන, පොලිස් බලපෑම් කල හැකි ඇප පිට නිදහස් කරන්න යන මන්ත්‍රිතුමියයි. විමර්ශන ඉවර වනතුරු මන්ත්‍රිතුමියත් රක්ෂිත බන්ධනාගාර ගත කල යුතුයි නැත්නම් රක්ෂිත බන්ධනාගාර ගත කල ආරක්ෂකයින්නුත් නිදහස් කල යුතුයි. පොලිසියට බලපෑම් කල හැකි මන්ත්‍රිතුමිය එළියේ සිටියදී ආරක්ෂයින් ඇතුලේ රදවා ගැනිම කිසිම තාර්කික පදනමක් නෑ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාහිත්‍ය සම්මානයක්

අපි පසුගිය කාළේ කතා කලා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලායැයි චෝදනා කරමින් අත්අඩංගුවට අරන් ඉන්න රණවිරුවන්ගේ ඉරනම දැඩි මානසික හා කායික වධ හිංසා පමුණුවනවා ඔවුන් නොකල වරදක් නොදත් දේ දන්න බව ප්‍රකාශ කරමින් බොරු ප්‍රකාශ වලට අත්සන් කරන්න කියලා බලපෑම් කරනවා. මාස පහක් තිස්සේ නිලධාරින් පස්දෙනෙක් මේ බලපෑම් වලට යටත් වුණේ නෑ. එක නිලධාරියෙකු පමණක් ඒ බලපෑම් ඉවසා ගන්න බැරුව දෙන ප්‍රකාශය අත්සන් කරලා ගෙදර ගිහින් තියෙනවා කියලා අපි දැනුම්වත් කලා. දැන් යුධ හමුදාපති විසින් මේ හමුදා නිලධාරින්ගේ වැටුප් ලබා දීම නවත්වලා තියෙනවා. යුධ හමුදාවේ විනය අනුව අභ්‍යන්තර පරිපාලනය අනුව ඔවුන් වරදක් කල නැතිනම් යුධහමුදාපති විසින් නීතිපති වෙතට මොවුන් කිසිම වරදක් කල නොමැති බව වාර්තා කල තිබෙනව නම් යුධ හමුදාව තුල වරදක් නොකල කෙනෙකුගේ වැටුප් යුධහමුදාපති නතර කරේ කුමන පදනමෙන්ද කියා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොවුන් එයින් බලාපොරොත්තුවෙන්නේ මානසික පිඩනයෙන් වැඩේ කර ගන්න බැරි වුණාම ආර්ථික පිඩනයක් ඇති කරන් හදන්නේ. ගෙදර කන්න නැතිවෙනකොට, ගෙදර දරුවන්ට පාසල් යන්න පොත් නැතිවෙනකොට, බිරිදට සිද්ධවෙනවා කියන්න අනේ ඔය මලදානේ අස්සන් කරලා ගෙදර එන්න අපිට හරි අමාරුයි ජිවත් වෙන්න. ඒ පිඩනය රණවිරුවන්ට එල්ල කරන්න තමයි මේ වැටුප් නතර කිරීමේ අරමුණ. හොද පුහුණුවක් ලද දැඩි සිත් ඇති වීර සෙබලුන් නිසා මානසික පිඩාවට මුහුණ දුන් නිසා දැන් ආර්ථිකපිඩාවක් එල්ල කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහන්නේ නොකල, නොදත් වරදක් පිළිගන්නැයි රණවිරුවන්ට බලපෑම් කරමින් බේරා ගැනීමට කටයුතු කරන පුද්ගලයා කවුද? සැබැ අපරාධකරුවා සොයන්න රණවිරුවොත් එකට කැමතියි මුළු රටමත් කැමතියි. මේ නොකල දෙයක් රණවිරුවන්මත පටවලා. කොණ්ඩයාව වරදකරු කළේත් එහෙමයි. කොන්ඩයා ගෙනල්ලා රැ 12ට විතර හොස් බටයකින් නොනවත්වා හොදටම ගහලා කොන්ඩයාගේ ඔළුවේ පාස්ටරයක් තිබුණේ ඒ ගහපුවගේ ප්‍රතිපලයක් නිසා. එක ඉවසා ගන්න බැරුව කොන්ඩයා උදේ 3.30ට පමණ කියනවා අනේ බුදු සර් මම තමයි සේයව මැරුවේ මම ඔනේම තැනක අත්සන් කරන්නම් කියලා. ඒ අනුව පොලිසිය කතාව ලියලා කොන්ඩයා අත්සන් කරලා රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙනවා. වද හිංසා නිසා වරද පිලිගත්තාද තාක්ෂණ දියුණු නිසා අපි ඩි.එන්.ඒ (ජාන) පරික්ෂණයක් සිදු කල හැකි නිසා මේ ජාන මිනීමරුවා සමග ගැපපෙන්නේ නෑ එක නිසා උසාවිය ඔහුව නිදහස් කරනවා. මිට වසර 10කට කලින් ජාන පරීක්ෂණ භාවිතා කළේ නෑ. එහෙම වුණානම් කොණ්ඩයා හිරේ යනවා සේයා දෙව්මිනිගේ ඝාතනය කොන්ඩයාගේ ගිණුමට යනවා නියම මිනීමරුවා බේරේනවා. කේන්ඩයා බේරුණේ ජාන පරික්ෂණය නිසා.හැබැයි රණවිරුවා බේරගන්න ජාන පරීක්ෂනයක් නෑ. මොකද සේයාගේ මල සිරුර වගේ ප්‍රගීත් එක්නැළිගොඩගේ මළ සිරුර හමුවී නෑ. ප්‍රගීත් මරිළද නැද්ද කියලවත් හරියට දන්නෑ. මේ රණ විරුවන් බේරාගන්න ජාන විද්‍යාවටත් එන්න බැරි පසු බිමක සමස්ථ ජාතියම ජාන විද්‍යාව බවට පත්වෙලා රණවිරුවන් රකින පවුරක් බවට පත්විය යුතු කාළය පැමිණ තියෙනවා.

අද ආණ්ඩුවේ හෙන්චයියන් ලවා රවිරුවන්ට පහර ගසනවා. සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා කියනවා කුළියට මිනී මරපු හමුදා භටයන්ට රණවිරු ‍ලේබලයෙන් ආරක්ෂාව දෙන්න බෑ. සමන් රත්නප්‍රිය මැතිතුමනි මේ අත්අඩංගුවේ ඉන්න අය කුළියට මිණී මැරූ බවට හෝ ප්‍රදීප් එක්නැලිගොඩ ෂාතනය කළ බවට හෝ සාක්ෂි ඔබට තිබේනම් කරුණාකර ඉදිරිපත් කරන්න. රණවිරුවෙක් නොවෙයි යාචකයෙක්ට වත් නොකල වරදකයට බලහත්කාරයෙන් ප්‍රකාශවලට අත්සන් අරගෙන කොන්ඩයාගේ ඉරනම රණවිරුවන්ට ලබාදෙන්න බෑ. කොටගෙදර පොලීසියේ සංස්කෘතිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ සංස්කෘතිය නතර කරල වැරදි කරුව්නට දඩුවම් දෙන්න. අපරාද පරීක්ෂන දෙපාර්තමේනුතුව මේ නව වසරෙවත් බොරු ගොතන දෙපාර්තමේනුතුවක් නොකර සැබෑ අපරාධකරුවන් සොයන දෙපාර්තමේනුතුවක් බවට පත්වේවා කියල අපි ප්‍රාර්ථනාකරනවා.

ඒ වගේම මම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබාදෙන විනිශ්චය මණ්ඩල විසින් හොදම ප්‍රභන්දයයට ලබාදෙන සම්මානය ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීම සම්බන්ධයෙන් අපරධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සකස්කල ප්‍රබන්ධයට ලබාදෙන මෙන් මම යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5279612603220562378

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item