මහින්ද පීකොක් මැදුරේ පිහිණුම් තටාකයේ වැලි යට සැඟවූ මහා වස්තුව හමුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් රාජගිරියේ පීක...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් රාජගිරියේ පීකොක් මැදුරේ පිහිණුම් තටාකයේ සඟවා වැලිවලින් වසාදමන ලද්දේ යයි පැවසූ රත‍්‍රන්, මුදල්, මුතු මැණික් ආදී වස්තු සොයමින් පොලීසිය විසින් ඊයේ දවස පුරා සිදු කල මෙහෙයුම අවසන් කර තිබේ.

මුළු දවස පුරාම බැකෝ යන්ත‍්‍ර යොදා වැලි ගොඩ දමමින් එම වැලි පරිස්සමට රයිසිවලින් හලමින් කරන ලද සොයා බැලීම අවසානයේ කිසිදු පල ප‍්‍රයෝජනයක් නැති විය.

එහිදී පොලීසියට සොයලගත හැකි වූයේ පරධ සෙරෙප්පු දෙකක් හා කිසියම් පූජා කටයුත්තකට යොදා ගත් මුට්ටි කිහිපයක් පමණි.

පොලීසිය පවසන්නේ ඒ තුල රත‍්‍රන්, මුතු, මැණික් ආදි කිසිදු වටනාකමක් ඇති දෙයක් හමු නොවූ බවයි.

එම නිවසේ හිමිකරු ඒ.එස්.පී. ලියනගේ මෙම සිදුවීම අවසානයේ කියා සිටියේ මින් තමන් ඉතමෙත් සතුටට පත්වන බවත් හිටපු ජනාධිපතිවරයාගේ නිවැරදිභාවය මින් ඔප්පු වන බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6544236864052113015

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item