හිමිවරුන්ට නීති දාන පනත සංස්‌කෘතියට ගැසූ පහරක්‌ - මහින්ද

රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ සංඝාධිකරණ පනත මගින් සෘජුවම පහර වදින්නේ ශ්‍රී ලාංකීය සංස්‌කෘතික අනන්‍යතාවට බව හිටපු ජනාධිපති ම...

රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ සංඝාධිකරණ පනත මගින් සෘජුවම පහර වදින්නේ ශ්‍රී ලාංකීය සංස්‌කෘතික අනන්‍යතාවට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (13 දා) පැවැසීය.

ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධව 'දිවයින' කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ හෙතෙම ආණ්‌ඩුව මේ සිදුකර ඇත්තේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට ගැටලුවක්‌ මතු කරමින් සංස්‌කෘතික වශයෙන් ප්‍රහාරයක්‌ එල්ල කිරීම බවයි.

ඉකුත් කාලයේ විනය නීති ක්‍රියාත්මක කිරීමට එය නීතිගත විය යුතුයි කියල මතවාදයක්‌ ගොඩ නැගුනා. නමුත් සමහර නිකායන් එයට විරුද්ධ වුණා.

භික්‍ෂුන් පාලනය කළ යුත්තේ භික්‍ෂුන් විසින්මයි. භික්‍ෂුවකගේ සිවුර ගලවා භික්‍ෂුත්වයෙන් ඉවත් කරන්න නීතියට බැහැ.

චිරාත් කාලයක සිට අපේ ගැමියන් ප්‍රතිකාරයක්‌ ගන්න ගියේ පන්සලේ වෙද හාමුදුරුවන් වෙතට. හඳහන බලා ගත්තේ, සිංහල අවුරුද්දට නැකත් හදලා දුන්නේ. පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ ඒවාට මුදල් අය කළේ නැහැ. ගැමියා කැමැත්තෙන් දුන් දෙයක්‌ පමණයි භාර ගත්තේ. ඉතිහාසයේ සිටම රටට අභියෝගයක්‌ පැමිණි විට මුලින්ම හඬ නැඟුවේ මහා සංඝරත්නය. ඒ නිසා මේ සම්බන්ධව ෙත්‍රෙනිකායික මහා නාහිමිවරුන් එකතුව තීරණයක්‌ ගත යුතුයි යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3559887336250665157

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item