ජන ජීවිතය අඩාලයි - පළාත් පාලන ඡන්දය ඕනෑ

නුවරඑළියේ කානේෂන් මඩකළපුවේ සිටුවන පරිපාලන ක්‍රමයක් මේ වන විට මෙරට පළාත් පාලන ආයතන රැසක ස්ථාපිත වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ...

නුවරඑළියේ කානේෂන් මඩකළපුවේ සිටුවන පරිපාලන ක්‍රමයක් මේ වන විට මෙරට පළාත් පාලන ආයතන රැසක ස්ථාපිත වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

අද (05) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී  මේ බව කියා සිටියේය.

මහජනතාවගේ දෛනික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන පළාත් පාලන ආයතන රැසක කටයුතු මේ වනවිට අක්‍රිය වීම නිසා රටතුළ බරපතළ තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බවත්, දිවයිනේ පළාත් පාලන ආයතන රැසක් මේ තත්ත්වය යටතේ නීති විරෝධී අන්දමින් කොමසාරිස්වරුන් යටතට පත්කර ඇති බවත් පෙන්වා දුන්නේය.

කසළ එකතු කිරීම, මාතෘ සායන, ළමා සායන, ආදී සියලු මහජන කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වන පළාත් පාලන ආයතන අක්‍රිය වීම නිසා මේ වන විට දැවී ගිය විදුලි බුබුළක් මාරු කිරීමට වත් නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බව තෙන්නකෝන් අවධාරණය කළේය.

පළාත් පාලන ආයතන කොමසාරිස් වරුන් හා පරිපාලන නිලධාරීන් අතට පත්කිරීම තුළ ජනවරම ට පිටුපෑමක් සිදුව ඇති බව ද  කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6953273537249226783

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item