රටේ නීතිය ස්‌ථාපිත නොකර හිමිවරුන්ට නීති දැමීම විහිළුවක්‌ ඇල්ලේ ගුණවංශ හිමියෝ

රටේ නීති රීතිවත් නිසි ලෙස ස්‌ථාපිත නොකර මහා සංඝරත්නය විෂයෙහි නීති රීති පැනවීම හාස්‍යයට කරුණක්‌ බව කොළඹ 07, ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හි...

රටේ නීති රීතිවත් නිසි ලෙස ස්‌ථාපිත නොකර මහා සංඝරත්නය විෂයෙහි නීති රීති පැනවීම හාස්‍යයට කරුණක්‌ බව කොළඹ 07, ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ඊයේ (12 වැනිදා) "දිවයින"ට පැවසූහ.

ආණ්‌ඩුව කුමන නීති රීති ගෙන ආවද ෙත්‍රෙනිකායික මහා සංඝරත්නයේ සහ කාරක සංඝ සභාවේ අනුමැතිය අනිවාර්යයෙන්ම ගත යුතු බවද උන්වහන්සේ කීහ.

නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින උදවිය පවා නීතිය අභිබවා යන පරිසරයක්‌ තුළ නීතිය වල්වැදී ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

මහා සංඝරත්නයට කරදරයක්‌ හිරිහැරයක්‌ කරන්න අවශ්‍යය වුවහොත් මෙම නීති භාවිතයට ගනු ඇති බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.

වානිජ පරමාර්ථයෙන් කටයුතු කරන හිමිවරුන්ට නීති පැනවීම පිළිබඳ තමන් වහන්සේගේ අකමැත්තක්‌ නැති බවත් එහෙත් ගම්වල දුප්පත් ජනතාව වෙනුවෙන් නක්‌ෂත්ත්‍ර කටයුතු වැනි දැ කරන හිමිවරුන්ට ඒ සඳහා අවස්‌ථාවක්‌ තිබිය යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2163653520709409604

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item