ඒකාබද්ධ විපක්‍ෂයේ ස්‌ථාවරය ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු - දිනේෂ් ගුණවර්ධන

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම ඒකාබද්ධ විපක්‍ෂය ඊට ඉදිරිපත්වන ආකාරය රටට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප...

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම ඒකාබද්ධ විපක්‍ෂය ඊට ඉදිරිපත්වන ආකාරය රටට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

ආණ්‌ඩුවට හා අග්‍රාමාත්‍යවරයාට ඒකාබද්ධ විපක්‍ෂය දිගටම අභියෝග කරන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය වහා ප්‍රකාශයට පත් කරන ලෙස යෑයි කී ගුණවර්ධන මේ පිළිබඳව තමා 12 වැනිදාත් අග්‍රාමාත්‍යවරයාට අභියෝග කළ බව සඳහන් කළේය.

බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්‌ථානයේදී ඊයේ (13 දා) පෙරවරුවේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය.

පළාත් පාලන මැතිවරණයට යැමට තියෙන බිය නිසා ආණ්‌ඩුව ඡන්දය කල් දමමින් ප්‍රොaඩාවක්‌ කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් පක්‍ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් වන්නේ දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ එජාපයට තිබෙන සැබෑ අභියෝගය ඒකාබද්ධ විපක්‍ෂය බවත්, ඒකාබද්ධ විපක්‍ෂය පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්යයෙන් මැදිහත්වන බවත් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවමත් කටයුතු කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය සමගින් බවත්  කීවේය.

පළාත් පාලන ආයතන 300 ක්‌ විසුරුවා හැර ආණ්‌ඩුව ඡන්දය දිගින් දිගට කල් දමමින් සිටින බවත්, ස්‌වාධීන මැතිවරණ කොමිෂම මාර්තු 31 වන දිනට ඡන්දය ප්‍රකාශ නොකොට එක්‌ එක්‌කෙනාට යට වී කට පියාගෙන සිටින බවත් හෙතෙම චෝදනා කළේය.

පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 1/4 අවශ්‍ය බවට 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම මාසයක්‌ කල් දැමූ බවත්, ආණ්‌ඩුවට මෙම මැතිවරණය පැවැත්වීම කල් දැමීමට අවශ්‍ය බවත් ඔහු කීවේය. මැතිවරණ සීමා නිර්ණය වැරදියි කියා මෙම මැතිවරණය කල් දමන්නේ ඒ නිසා බවත් ගුණවර්ධන වැඩිදුරටත් පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4045082375775982326

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item