නාලක ගොඩහේවා ඇතුළු තිදෙනාට ඇප - විදෙස් ගමන් තහනම්

රිමාන්ඩ් බාරයේ පසුවූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය ...

රිමාන්ඩ් බාරයේ පසුවූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.මොවුන්ට එරෙහි චෝදනා පත්‍ර අද (21) විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙලෙස ඇප නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. විත්තියේ නාලක ගොඩහේවා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් නිල් බලකාය නමැති සංවිධානයට රු.මිලියන 5ක මුදලක් මුදාහැරීම සම්බන්ධයෙන් පළමු විත්තිකරු වගකිව යුතු නැති බව පෙන්වාදෙන ලදී. එම මුදල් ප්‍රමාණය මුදාහැර ඇත්තේ සංවිධානයේ 320 වන සැසිවාරයේ ගනු ලැබූ තීන්දුවකට අනුව බව ද නීතිඥවරයා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.ඒ අනුව ඒ අනුව ඉදිරිපත්වූ කරුණු සලකා බලා රු. ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප 3ක් හා රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය තීන්දු කර තිබේ.මෙලෙස ඇප නියමවූ අනෙක් දෙදෙනා වූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ රොනී ඉබ්‍රාහිම්ය. කෙසේවෙතත් සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය විසින් තීන්දු කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7892811152932021488

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item