බ්‍රිතාන්‍ය විදෙස් ඇමති අද එයි

නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වායර් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍...

නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වායර් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය කියා‍ සිටියේ ඒ මහතා ලබන 16 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවයි.

දිවයිනට පැමිණෙන හියුගෝ ස්වායර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු සමඟද ස්වායර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

හෙට දිනයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවැත්වෙන තෛපොංගල් උත්සවයටද බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද හමුවීමට නියමිතව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 160683659176519682

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item