මියගිය පෙම්වතා ආරූඪවූවා යෑයි කියා ටියුෂන් ගුරුවරයා පෙම්වතියට අතවර කරලා

මියගිය පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසා මියගිය තරුණයාගේ අවුරුදු 15 ක්‌ වයසැති පෙම්වතියව මියගිය තරුණයා මිහිදන් කෙරුණ කනත්තට රැගෙන ගොස්‌ දැරි...

මියගිය පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසා මියගිය තරුණයාගේ අවුරුදු 15 ක්‌ වයසැති පෙම්වතියව මියගිය තරුණයා මිහිදන් කෙරුණ කනත්තට රැගෙන ගොස්‌ දැරියට ලිංගික අතවර කළ බව කියන උපකාරක පංති ගුරුවරයකු රුපියල් 50,000 ක ශරීර ඇප මත 30 වැනිදා මුදාහළ මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ නැවත ජනවාරි 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ඇප නියම වූ අයට නියම කළේය.

15 හැවිරිදි දැරියගේ පෙම්වතා යෑයි කියනු ලබන තරුණයා අකුණු සර වැදීමෙන් මියගොස්‌ ඇති බවත් එම මියගිය තරුණයා 15 හැවිරිදි තම පෙම්වතියව සුසාන භූමිය වෙත රැගෙන එන ලෙස රාත්‍රී නින්දේදී තමාට බලකරන බව උපකාරක පංති ගුරුවරයා දැරියට පවසා ඇති බවත්, තම ගුරුවරයාගේ බලකිරීම මත දෙදෙනාම සුසාන භූමිය වෙත ගිය අවස්‌ථාවේදී පෙම්වතා වළ දැමූ ස්‌ථානයේ ඉටිපන්දමක්‌ දල්වන සැකකරු ඉන් අනතුරුව පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසමින් පෙම් වදන් පවසමින් දැරියට විවිධ ලිංගික අතවර කර ඇති බවට අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානයේ සැරයන් රෝහණ (25697) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය.

දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවටද අධිකරණයේ දී අනාවරණය වූ අතර මෙම සැකකරුගේ ක්‍රියා කලාපයෙන් තමන් සහ පවුලේ උදවියත්, තම දියණියත් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පවසමින් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇති බවටද අධිකරණයේදී සඳහන් විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4556773119732868619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item