එන්රික් 'විවේචන ගැන' කතා කරයි

එන්රික් ඉග්ලේසියස්ගේ නම මෙරට වඩාත් ජනප්‍රිය වූවේ තන පටයක් විසි කිරීම පිළිබඳව කතා බහට ලක්වූ SEX & LOVE ප්‍රසංගයත් සමගයි. ඔහු විදෙස් පු...

එන්රික් ඉග්ලේසියස්ගේ නම මෙරට වඩාත් ජනප්‍රිය වූවේ තන පටයක් විසි කිරීම පිළිබඳව කතා බහට ලක්වූ SEX & LOVE ප්‍රසංගයත් සමගයි. ඔහු විදෙස් පුවත්පතක් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී ඇතැමුන් තමන්ව විවේචනය කිරීම පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

 "මම ඒ විවේචනයට ඇහුම්කන් දෙනවා. සමහරු මගේ සංගීතයට කැමැතියි වගේම තව සමහරු අකැමැතියි. මිනිස්සු මගේ සංගීතය හෝ ගීත විවේචනය කරනවා නම් ඒ විවේචන අහගෙන ඉන්න එක මට ගැටලුවක් නෑ. නමුත් බොහෝ විවේචන පුද්ගලබද්ධයි. මම එන්රික් ඉග්ලීසියස් නිසා මාව විවේචනය කරන අය ගැන මට තරහා යනවා. පුද්ගල අනන්‍යතා විවේචනය කරන්නේ මෝඩයෝ." 

එමෙන්ම තමන්ගේ සහකාරිය සම්බන්ධයෙන් ද එන්රික් එහිදී අදහස් දක්වා තිබෙනවා. "මගේ ගැන හොයන කෙල්ලක් මගේ ජීවිතයට එනවට කැමැතියි. නමුත් කිසිම කෙල්ලකට සතියකට වඩා මගේ වැඩ ඉවසන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ නැහැ"



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 310136716185690902

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item