භික්ෂු විනය පනත ගැන බෙංගමුවේ හිමියන් මහනාහිමිවරුන්ට කියයි

මහ සංඝ රත්නයේ අවවාද හා අනුශාසනා සහිත විධිමත් සංශෝධනයකින් තොරව භික්ෂු විනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් දැඩි ...

මහ සංඝ රත්නයේ අවවාද හා අනුශාසනා සහිත විධිමත් සංශෝධනයකින් තොරව භික්ෂු විනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් දැඩි විරෝධතා වලට අවතීර්ණ වන බව ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.

අද පෙරවරුවේ මහනුවර මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උනවහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

සංඝ රත්නයේ අවවාද හා අනුශාසනා ලබා නොගෙන එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කළ හොත් මහා සංඝ රත්නය සහ ජනතාව ඒකරාශී කොට පාර්ලිමේන්තුව වැටලීමට පියවර ගන්නා බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසා ඇත.

පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් කරුණු පිළිබඳ මල්වතු මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ද කැමැත්ත පළ කළ නොහැකි බව එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

එමෙන්ම අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහ නාහිමි ද කාරක සංඝ සභාව සමඟ සාකච්ඡා කර ඉදිරියේදී මේ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව තමන් වහන්සේ සමඟ පැවසූ බව බෙංගමුවේ නාලක හිමියන් පවසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. අපි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ,අපි UNP , අපි JVP , අපි හෙලඋරුමේ, කිය කියා හිටියොත් , අපි ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ කියල කියාගන්න බැරිවෙනවා. ඒ නිසා බටහිර කුමන්ත්රණ වලට එදා ඉදල අපි රැවටුනා, සිංහලයා එක එකට ගොට්ට අල්ලන ගිහින් නම්බු නාම වලට තම ජාතිය පාවාදුන්නා. 1815 ඉදලම උනේ ඒටික තමයි, ක්‍රිස්තියාන ආගම බලෙන් ඇගට දාලා , එකට හිටපු ජාතියක් භේද බින්න කලේ වෙනත් රටවලින් අපු හැතිකරයයි. අපේ මෝඩයෝ සෝබන වැඩ කරන්න හරිම දක්ෂයි, තමන්ට කන්න නැ, එත් කරන්නේ තවෙකෙකුට දෙවෙනි නොවෙන වැඩ. ඒවා පුරුදු කලේ ක්‍රිස්තියානි අගමෙනුයි...අපි fashion කරන්න ඕන, ලස්සනට ඉන්න ඕන, Party වලට යන්න ඕන, English වලින් කතා කරන්න ඕන, විදේශයන් සමග සම්භන්ධතා තියාගන්න ඕන, ලෝකයේ දියුණු තාක්ෂයනය භාවිතා කරන්න ඕන,, එත් ඒ හැම දේම කරන්න රටක් තියෙන්න ඕන, බුදුදහම, සිංහල කම අමතක කරලා ඕව කරලා වැඩක් නැ, අන්න ඒ නිසා ඒ දේ හිතේ තියාගෙන තමන්ගේ රටට ආදරේ කරන්න,,

    smart phone 1ක් , ලග තියාගෙන , ඔක ඔබ ඔබ හිටියට වැඩක් නැ , රටට කාලකන්නි වැඩි වෙනවා විතරයි, අපිත් අලුත් පරපුරේ, හැබැයි රටට ආගමට ජාතියට ආදරේ කරන අලුත් පරපුරක්,

    පබයෙක් වගේ ජනාධිපතිකෙනෙක් ඉන්න, නපුංසකයෙක් වගේ අගමැතිවරයෙක් ඉන්න, සමලින්ගිකයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් තියන රටක, අපිට තමයි දේශය දහම ජාතිය බේරගන්න වෙන්නේ......! හිතන්න, මොලේ කල්පනා කරන්න, කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නැ, අපි හැමෝටම මේ කරන්න එකතු උනොත්, මේ රට ගොඩගන්න පුළුවන්, අරයට බයේ මෙයාට බයේ, අරයගේ කතාවට බයේ ඉන්න ඕන නැ. උන් කටින් බයකරන්න හදන්නේ? ඒවා එහෙම ලේසියෙන් කරන්න බැ. තමන් ඉපදුන සෙල්ලම් කරපු, ඉගෙන ගත්ත රට බේරගන්න මිට වඩා ඉල්ලීම් ඕනද?

    -නතාෂා ගමගේ.....

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 4640762501190372976

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item