රාජ්‍ය සේවකයින් යළි සටනට

වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය සූදානම් වනවා. ඒ, රාජ්‍ය සේවකයින්ගේ මූලික ...

වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය සූදානම් වනවා. ඒ, රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට ජනවාරි මාසයේ සිට එක්කිරීමට නියමිතව තිබූ රුපියල් 2500 දීමනාව එක් නොකිරීම හේතුවෙන්.

රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා පැවසුවේ මෙම දීමනාව 2016 ජනවාරි වැටුපට එක්කරන බවට අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී පවා ප‍්‍රකාශ කළ බවයි.

එහෙත් ඊට අදාළ චක‍්‍රලේඛය පවා මෙතෙක් භාණ්ඩාගාරයෙන් නිකුත් කර නොමැති බවද ඔහු කියා සිටියා. 

"ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීමක් සිදු නොකර ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලීමක් කරන්නේ රාජ්‍ය සේවකයන් තවදුරටත් රැවටීමට ලක් නොකර, රාජ්‍ය සේවකයන් මේ රජය කෙරෙහි තබලා තියෙන විශ්වාසය නැවත නැවත පලුදු නොකර, රාජ්‍ය සේවකයා මේ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය රැකගන්නට නම්, මේ 2500 මූලික වැටුපට එකතු කිරීමට කඩිනමින් උත්සහ නොගත්තොත් යළි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලට ඉතාමත්ම මෑතකදී අවතීර්ණ වීමට සිදු වෙන බවට අපි රජයට අවධාරණය කරනවා. ඒ වගේම තමයි, භාණ්ඩාගාරය විසින් මේ චක්‍රලේකනය නිකුත් නොකිරීම ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීමක් සිදු කරලා තියෙනවා කියන එක අපි ඉතාමත්ම ඕනෑකමින් කියන්න කැමතියි".




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9095007228153376767

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item