ඥානසාර හිමියන්ට අස්ගිරි පාර්ශවයෙන් චරිත සහතිකයක්

රට - ජාතිය අර්බුදකාරී තත්ත්වයට පත්වු අවස්ථාවල මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය ගල...



රට - ජාතිය අර්බුදකාරී තත්ත්වයට පත්වු අවස්ථාවල මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමි පවසයි.

අද (27) ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ පසුවන බවත්, උන්වහන්සේද රට - ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙකු බවත් අත්තදස්සි හිමියන් කියා සිටියේය.

ඒ නිසාම කටයුතු හරියාකාරව සිදුවිය යුතු බවත්, ජාතීන් අතර සමගිය වර්ධනය විය යුතු බවත් මහනායක හිමියන් අවධාරණය කළේය.

එකක් උඩින් එකක් යටින් කතා හොඳ නැති බවත්, යමක් පිළිබඳ කතා කළ යුත්තේ පිරිසිදු චේතනාවෙන් යුතුව බවත්, මානව දයාවෙන් යුතුව කටයුතු කළ යුතුව ඇති බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8865651200794100864

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item