අගමැතිගේ තර්ජනයට මොකද කියන්නේ?

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,නිදහස් මාධ්‍යවේදින්ගේ සංගමය,බටහිර රටවල හා ශ්...

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,නිදහස් මාධ්‍යවේදින්ගේ සංගමය,බටහිර රටවල හා ශ්‍රීලනිපයේ මතය කුමක්ද යන්න රටට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය පළ කරන බව අද(29) කොළඔදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඩලස් අලහප්පෙරුම ප්‍රකාශකර සිටියේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු බවත්, මෙය මාධ්‍යවේදීන් බිය වැද්දීමට තැත් කිරීමක් බවත් පෙන්වා දුන්නේය.

එසේම අදාළ ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාට සහ සීයාට කරන නිගාවක් බව පැවසීය.

තොරතුරු දැන ගැනීමේ පනත තුළින් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට මූලික වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම තරයේ හෙළාදකින බව ප්‍රකාශ කළේය.

"අපේ කාලයේත් මාධ්‍ය‍වලට වෙච්ච දේ අපි දන්නවා අර දේශපාලන පිසාචයෙක් රූපවාහිනියට කළ දේ අපි දන්නවා" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2110529435636275002

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item