දැනට ඇති බෞද්ධ බලවේගයන් ජනපති ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජනපති තමන්ටම බෞද්ධ බලවේගයක් හදාගනි

පසුගිය කාලය පුරාම මෙරට බෞද්ධ බලවේග සියල්ලම පාහේ ජනාධිපතිව දැඩිව විවේචනය කිරීමත් එය ජනාධිපතිගේ සහ ආණ්ඩුවේ පැවැත්මට ඉතා අහිතකර ලෙස බලපෑ ඇති...

පසුගිය කාලය පුරාම මෙරට බෞද්ධ බලවේග සියල්ලම පාහේ ජනාධිපතිව දැඩිව විවේචනය කිරීමත් එය ජනාධිපතිගේ සහ ආණ්ඩුවේ පැවැත්මට ඉතා අහිතකර ලෙස බලපෑ ඇති හෙයින් ජනාධිපතිගේ බෞද්ධ ප්‍රතිරූපය නැංවීමටත් අනෙකුත් බෞද්ධ බලවේගයන් යටපත් කිරීමටත් ජනාධිපතිගේ අනුග්‍රහය යටතේ නව බෞද්ධ බලවේගයක් පිහිටුවා ඇත. බෞද්ධ දර්ශනයේ අභාසය ලබන නව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැඟීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම යයි තේමාව කර ගනිමින් මෙය බිහි කලත් මෙහි අභ්‍යන්තර අරමුණ ඉහත සඳහන් කරුණු කාරනා බව අපවෙතා වාර්තා වේ.

මෙයට බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, විද්‍යාදෝදය පිරිවෙණේ පරිවෙණාධිකාරි පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය විජිතපුර විමලරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දිවයිනම ආවරණය වන පරිදි  භික්ෂුන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8175636264031557739

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item