මෛත්‍රීට සුබපතනවා ඒත් යහපාලනය ගැන සතුටක් නෑ - මහින්ද

මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර වසරක් සපිරෙන මේ මොහොතේ එතුමාට සුබපතන නමුත් වත්මන් යහපාලන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව කිසිසේත් සතුටු නොවන...

මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර වසරක් සපිරෙන මේ මොහොතේ එතුමාට සුබපතන නමුත් වත්මන් යහපාලන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව කිසිසේත් සතුටු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවරදී පැවැසීය. මේ දිනවල මාධ්‍ය මගින් තමන් දක්නට නොමැතිවීම පිළිබඳව මාධ්‍ය මගින් විමසන බවද තමා මේ දිනවල සිදු කරන්නේ 2005 සිට කාපු බීපු පරණ දේවල් ගණන් කිරීම හා කුස්සියේ වැසිකිළියේ තිබෙන විදුලි උපකරණ ඇතුළු දේවල් පිළිබ`ඳව ගණන් කිරීම බවද ඒ හැර වෙන වැඩක් තමාට නැති බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය. ඒ පිළිබඳව තමාගෙන් මේ දිනවල විමසමින් සිටින බැවින් සියලු වැඩ අතහැර පරණ දෙවල් හොයන්නට සිදු වී ඇති බවත් ඒ සඳහා වසරකවත් කාලයක් ගත වනු ඇති බවත් ඒ මහතා පැවැසීය.

නව වසරට ආශිර්වාද ලබා ලබා ගැනීම සඳහා ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය. අනතුරුව සම්ප්‍රදායානූකූලව මහනුවර එෛතිහාසික සතර මහා දේවාල වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

ළඟදීම රාජපක්‍ෂ පවුලේ ප්‍රබලයින් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නා බවට ඇමැති රාජිත සේනාරත්න මහතා කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියකු විමසීමක් කළ අතර මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ඔවුන්ගේ ආණ්ඩුව බැවින් ඔවුන්ට අවශ්‍ය අයුරින් කටයුතු කරන බවයි. ඒ පිළිබඳව තමන් කිසිසේත් පුදුම නොවන බවත්, එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බවත්ය.

මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද පැවැසීය.
අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බණ්ඩාරනායක ප්‍රතිපත්ති අමතක වෙලා. මැතිනිය රැකගෙන ආ ප්‍රතිපත්ති අමතක වෙලා. එක්සත් ජාතික පක්‍ෂයත් සමග එකතු වු අය පක්‍ෂයට හානි කරන අතර අපවත් පක්‍ෂයෙන් එලවන්න කටයුතු කරමින් සිටිනවා. මේ මහින්ද රාජපක්‍ෂ කවදාවත් ශ්‍රීලනිපය දාලා ගියේ නැහැ, දාලා යන්නෙත් නැහැ. දැන් ඇතැමුන් පක්‍ෂය දිනවන්න මට එකතු වෙන්න කියනවා. නමුත් ඒ අය මුලින් කීවේ මට පක්‍ෂය දාලා යන්න කියලා. එක්සත් ජාතික පක්‍ෂය සමග එකතු වූ අයට අපේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පේන්නේ නැහැ. එස්.බී. දිසානායකට වැරදිලා මම නොවෙයි පක්‍ෂ දාලා ගියේ අනුර බණ්ඩාරනායකත් ගියා. රටකට නායකයින් අවශ්‍යයයි. අවශ්‍ය වෙලාවට නායකයින් බිහිවේවි. ඒ අය රට ඉදිරියට ගෙන යයි.

මෙහිදී මාධ්‍යවේදියකු නව වසරේ රටේ ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක්දැයි මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ රුපියල් 13-15 තරම් මිල ඉහළ ගොස් තිබෙන අමු මිරිස් කරලක් අඩු මිලට කන්න ලැබෙන, මහජනතාව මත මහා බරක් වී තිබෙන මේ ආර්ථික පීඩනයෙන් ජනතාවට සහනයක් අත්වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බවය.

රට මේ විදියට ඉදිරියට ගියහොත් වෙනත් පක්‍ෂ හැදෙන එක නවත්වන්න බැහැ රටකට හොඳ විපක්‍ෂයක් අවශ්‍යයයි. නමුත් අපේ රටේ විපක්‍ෂයක් නැහැ. විපක්‍ෂ නායක කවුද? විපක්‍ෂ සංවිධායක කවුද? ඒ අය ගිය ආණ්ඩුව බලයට පත්කරන්න කටයුතු කළ උදවියයි. මේ අය අවශ්‍ය වෙලාවට ආණ්ඩුව බේරා ගන්න ඉදිරිපත් වෙනවා. මේ පිරිසෙන් හොඳ විපක්‍ෂයක කාර්යභාරයක් අපේක්‍ෂා කරන්න බැහැ. රටේ පවතින තත්ත්වයන්ට එරෙහිව විවිධ පාර්ශ්ව නොයෙක් අයුරින් විරෝධතා ඉදිරිපත් කරනවා. කළු කොඩි දානවා. තවත් දේ කරනවා. ඒවා ඒ අයගේ අදහස්. එම අදහස් දැරීමට ඒ අයට අයිතියක් තියෙනවා.

අද වන විට එක් එක් පුද්ගලයින් ඕනැ ඕනැ විධියට හිරේ දාන්න පුළුවන් වෙලා තියෙන්නේ, අප මැදිහත් වී අසීරු තත්ත්වයක තිබූ මේ රට කොටි ග්‍රහණයෙන් මුදා ගත් නිසයි. තිස් වසරක යුද්ධය අවසන් කළ නිසා ප්‍රභාකරන් පරාජය කළ නිසා මට එරෙහිව චෝදනා කරන පිරිස ඒවා කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ඔවුන්ට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා බව අප දන්නවා. මම මේවායින් කිසිසේත් සැලෙන මිනිහෙක් නොවෙයි. මම එදා සැලුනෙත් නැහැ. මට ඕවා හොඳට පුරුදුයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4521324523522837276

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item