පොහොර මිල තුන් ගුණයකින් නැගලා

වෙළෙඳ පොළේ අලෙවි කිරීමට ඇති පොහොර වර්ග රැසක මිල ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තුන්ගුණයකින් වැඩි කර ඇත.ඒ අනුව රුපියල් 1200 ට අ...

වෙළෙඳ පොළේ අලෙවි කිරීමට ඇති පොහොර වර්ග රැසක මිල ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තුන්ගුණයකින් වැඩි කර ඇත.ඒ අනුව රුපියල් 1200 ට අලෙවි කළ යූරියා පොහොර (කිලෝ 50) රුපියල් 3000 ක්‌, ටී. එස්‌. ටී. (බණ්‌ඩි පොහොර) රුපියල් 3400 ක්‌ සහ එම්. ඕ. පී. (මඩ පොහොර) රුපියල් 3350 දක්‌වා ඉහළ දමා ඇතැයි ගොවීහු පවසති.මෙසේ වැඩි කළ පොහොර කලින් අලෙවි කර ඇත්තේ රජයේ සහනාධාර පොහොර වශයෙන් රුපියල් 500 ක්‌ වැනි මිලකට බව ද ගොවීහු සඳහන් කරති.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ට වැඩි කළ මිලට ද පොහොර මිලදී ගැනීමට නොහැකි බවත්, හිතුමතේ පොහොර මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව ඒකරාශී කරගෙන රජයට එරෙහිව පෙළගැසෙන බවත් සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ උප ලේකම් ටී. බී. සරත් මහතා පැවසීය.කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ සභාපති ඉන්දික පරණවිතාන මහතා පැවසුවේ පොහොර වර්ග තුනක මිල සංශෝධනය කරමින් චක්‍රලේඛයක්‌ 04 වැනිදා ලැබුණු බවත්, පසුව එය අහෝසි වූ බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6249424996962955767

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item