රටේ නීතිය දෙවිදිහකට රාවණා බලයේ ඉත්තෑකන්ෙද් සද්ධාතිස්‌ස හිමි

උතුරු පළාත් සභා ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් මහතා ප්‍රභාකරන් සමරද්දීත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙAමචන්ද්‍ර තරුණයකු පැහැර ගැනීමට සම්...

උතුරු පළාත් සභා ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් මහතා ප්‍රභාකරන් සමරද්දීත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙAමචන්ද්‍ර තරුණයකු පැහැර ගැනීමට සම්බන්ධ යෑයි කියන සිද්ධියේදීත් ඇඹිලිපිටිය සාදයක ඇති ප්‍රශ්නයකදීත් පොලිසිය කටයුතු කර ඇති ආකාරය අනුව මේ රටේ නීතිය එකිනෙකාට වෙනස්‌ වෙනස්‌ ආකාරවලට ක්‍රියාකර ඇති බව රාවණා බලය සංවිධානයේ ප්‍රධාන ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිsමියෝ ප්‍රකාශ කරති.

පස්‌මස්‌ ගැබිනියකට තම ස්‌වාමී පුරුෂයා අහිමි වූ ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධයෙන් රජය මැදිහත් වී පුළුල් පරීක්‌ෂණයක්‌ සිදු කර වරදකරුවන්ට දඬුවම් දිය යුතු බවද මියගිය තරුණයා ගේ පවුලට සාධාරණය ඉෂ්ට කළ යුතු බවද සද්ධාතිස්‌ස හිමියෝ පෙන්වා දෙති.

පොලිසිය කටයුතු කරන ආකාරයෙන් නීතිය ඉදිරියේ කවුරුත් සමාන යෑයි යන්න සනාථ නොවන බවද ඒ ආකාරයෙන් නීතිය අසරණ කර නීතිය අනාථ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවද රාවණා බලය සංවිධානය එවැනි අවස්‌ථාවල නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින බවද උන්වහන්සේ අවධාරණය කළහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4240061205276039786

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item