හිරුනිකා අත්අඩංගුවට ගැනීමේ තිරය පිටිපස කතාව

දෙමටගොඩ රෙදි වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ‍යාමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ග...

දෙමටගොඩ රෙදි වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ‍යාමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.එම උපදෙස් ලබා දීමට හේතුවී ඇත්තේ අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන්ගේ ප්‍රකාශ හා සාක්කිකරුවන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වන කරුණු මෙන්ම සැකකරුවන් අතර හුවමාරු වූ දුරකථන සංවාද වාර්තා මඟින් සාක්කි ඉදිරිපත් වීම බවයි පැවසෙන්නේ.අත්අඩංගුවේ සිටින පස්වැනි සැකකරුගේ 11 හැවිරිදි දියණියගේ ප්‍රකාශයට අනුව තරුණයා පැහැරගෙන යෑමෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හමුවට ඉදිරිපත් කැර ඇති බව සනාථ වී තිබෙනවා.සී. සී. ටී. වී. කැමරා පද්ධතියේ තොරතුරුවලට අනුව එම දියණිය සිය පියා සමඟ එම ස්ථානයේ සිටි බව ද තහවුරු වී තිබෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දී ඇත්තේ මෙම කරුණුවලට අනුවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6005364242513419901

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item