හිස්වූ මන්ත්‍රී ධූරය චතුර සේනාරත්නගේ පක්ෂයට ඉල්ලයි

එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන හිටපු ඇමතිවරයාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තම පක්ෂයට හිමිවිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්...

එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන හිටපු ඇමතිවරයාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තම පක්ෂයට හිමිවිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගිය අගෝස්තු මහ මැතිවරණයට පෙර ඇතිකරගත් ගිවිසුම අනුව තම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධූර දෙක එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාටත් ජයම්පති වික්‍රමරත්න මහතාටත් දුන් බවත් ඒ අනුව ගුණවර්ධන මහතා මිය යාම නිසා ඇතිවූ පුරප්පාඩුවට තම පක්ෂයෙන් මන්ත්‍රීවරයකු පත් කරන ලෙස සේනාරත්න ඉල්ලා සිටියි.

අගමැතිවරයා ස්විට්සර්ලන්තයේ ජගත් ආර්ථික සමුළුවට සහභාගිවී ආපසු පැමිණිවිට මේ ගැන සාකච්ඡා කරන බවත් ඔහු කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5679457192837192995

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item