මෛත්‍රී එක්ක බෑ - සාටකේ නායකත්වයෙන් ඡන්දයට යනවා - හිටපු මන්ත්‍රීහූ කියති

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නායකත්වය යටතේ පළාත් පාලන මැතිවරණයකට යාම ගමේ ජනතාව ප්‍රතික්ෂේප කරන බැවින් සාටකේ නායකත්වය යටතේ මැතිවරණයට යන බව ...

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නායකත්වය යටතේ පළාත් පාලන මැතිවරණයකට යාම ගමේ ජනතාව ප්‍රතික්ෂේප කරන බැවින් සාටකේ නායකත්වය යටතේ මැතිවරණයට යන බව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල අද (13) මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන අදහස් දැක්වීම සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ එකමුතුව විසින් අද පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

58 ලක්ෂයක ඡන්ද සංඛ්‍යාවක් සාටකය සමග ඇති බවත්, එම ඡන්ද සංඛ්‍යාවද සමගින් ඉදිරි මැතිවරණයට සාටකයේ නායකත්වය යටතේ තරඟ කිරීමට සුදානම් බවත්, මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නායකත්වය යටතේ මැතිවරණයට ගියොත් ජයග්‍රහණයක් නැති බවත්, හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

මාධ්‍ය හමුව ඇමතු මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ පාරක වළක් වසා ගැනීමටවත්, කුණුටික ඉවත් කර ගැනීමටත් බැරි තත්ත්වයක් අද පළාත් පාලන ආයතනවලට උදාවී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ අය අද නගර සභාවල පැදුරු දාගෙන ඉන්න බවත්, සම්මුතිවාදී දේශපාලනය මෙයදැයි ප්‍රශ්න කළ ඇය සංවර්ධන කමිටු අක්‍රීයවීමෙන් කිසිදු සංවර්ධනයක් සිදුනොවන බවත්, පෙන්වාදුන්නේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ තරඟ කළහොත් ජය ගැනීම අපහසු බව පළාත් පාලන ආයතන එකමුතුවේ කැඳවුම්කරු මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු එහිදී කියා සිටියේය.

කොට්ඨාස ක්‍රමයට හෝ සමානුපාතික ක්‍රමයට හෝ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත්, එන ඕනෑම ක්‍රමයකට රාජපක්ෂ කෙනෙකුගේ නායකත්වය යටතේ වෙනත් බලවේගයක් ඔස්සේ එම මැතිවරණය ජය ගැනීමට කටයුතු කරන බවත්, එහිදී ඔවුන් අවධාරණය කරන ලදී.

එක්සත් ජනතා නිදහස් සංධානයට බලය හිමිව තිබූ පළාත් පාලන ආයතන රැසක් හිටපු සභාපතිවරු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4493306661869849414

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item