'නව ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ' කරළියට - නායකත්වය ගෝඨාට!

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව පෙරමුණේ නායකත්වය ලබාදිය යුත්තේ කාටද යන්න පිළිබඳව මේ දිනවල ඔවුන...

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව පෙරමුණේ නායකත්වය ලබාදිය යුත්තේ කාටද යන්න පිළිබඳව මේ දිනවල ඔවුන් සිදුකරන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එහි නායකත්වය ලබාදිය යුතු බවට දැනට සිදුකෙරුණු සාකච්ඡාවලදී අවධානය යොමුවී තිබෙන අතර, යම් හෙයකින් ඒ මහතා එය ප්‍රතික්ෂේප කළහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එම නායකත්වය ලබාදිය යුතු බවට යෝජනා වී තිබේ.

විපක්ෂයේ නායකයන් අතරින් දැනට වැඩි ජනතා ආකර්ෂණයක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බවත්, ඉන් පසුව සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා බවත් පෙන්වා දෙමින් පක්ෂ නායකයන් සඳහන් කර ඇත්තේ, බහුතරයක් ජනතාවගේ සහාය ලැබෙන්නේද මෙම සහෝදරවරුන් දෙදෙනාට පමණක් බවයි.

එබැවින් ඔවුන් දෙදෙනා සම්බන්ධ කර ගනිමින් ආණ්ඩුවට එරෙහි නව දේශපාලන බලවේගය ගොඩනැගිය යුතු බවත්, හැකි සෑම අවස්ථාවකදීම මෙම සහෝදරයන් දෙදෙනාට ජනතාව අතරට යාමට අවස්ථාව ලබාදිය යුතු බවටත් සාකච්ඡාවලදී අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටසක්, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්වී දැනට සිදුකෙරෙන සාකච්ඡාවලට හිටපු ජනාධිපතිවරයාගේ සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහාය ලැබෙන බවද වාර්තා වේ.

'නව ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ' යන නමින් නව දේශපාලන බලවේගය ජනතාව අතරට යායුතු බවටද එහිදී අවධානය යොමුවී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8208141641694045132

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item