යහපාලකයෝ නිලධාරීන් බලෙන් අස් කරන්න යයි - නිලධාරීන් ප්‍රතික්ශේප කරයි

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක ප්‍රධානීන්ට ඉවත් වන්නැයි රජයෙන් දැනුම් දීමක් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.එම ප්‍...

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක ප්‍රධානීන්ට ඉවත් වන්නැයි රජයෙන් දැනුම් දීමක් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.එම ප්‍රධානීන් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේමය.අලුතින් ප්‍රධානීන් පත් කිරීම සඳහා ඔවුනට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.ආයතන ප්‍රධානීන් 150 දෙනකු අද කැඳවා තිබුණු බවත්, එම කැඳවීම අනුව 45 දෙනකු සහභාගී වී ඇති බවත්,  එම රැස්වීම ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පස්වරු 1.30 පමණ වන තෙක් පැවැති බවත් දැනගන්නට තිබේ.එහි දී ඉල්ලා අස්වීමට එකඟ වී ඇත්තේ එක් ප්‍රධානියකු පමණි. ආයතන ප්‍රධානීන්ගේ තර්කය වී ඇත්තේ තමනට පත්වීම් ලබා දුන් භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස් වුවහොත් තමන් ද ඉල්ලා අස්වන බවයි. එක්‌ නිලධාරීන් නැගී සිට ඊට විරෝධය පළ කර අදහස්‌ දක්‌වද්දී තමාට ඒවාට උත්තර දීමට අවශ්‍යතාවක්‌ නැතැයිද ඉල්ලා අස්‌වීම් ලබා දෙන්නැයිද දැනුම්දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා එම ස්‌ථානයෙන් පිටව ගොස්‌ තිබේ. ඉන්පසු කිසිදු ආයතන ප්‍රධානියකු ඉල්ලා අස්‌වීම් භාර නොදී අරලියගහ මන්දිරයෙන් පිටව ගොස්‌ තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7097375019622012766

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item