සම්බන්ධන් - ජයසංකර් පැයක හමුවක්

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් එස්.ජයශංකර් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මුණගැසී සාකච්ඡා කර තිබේ. අද උදෑසන කොළ...

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් එස්.ජයශංකර් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මුණගැසී සාකච්ඡා කර තිබේ.

අද උදෑසන කොළඹ දී අදාළ සාකච්ඡා ආරම්භ වු අතර පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡා පැවති බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙහිදි රජය විසින් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රධාන වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

ඊට අමතරව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අතර සාකච්ඡා පැවති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වාදුන් කාරණා පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ඉන්දීය විදේශ ලේකම් එස්.ජයශංකර් පවසා ඇත.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහා ද සහභාගී වී තිබේ.

මේ අතර නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර අද දිනයේ ඉන්දීය විදේශ ලේකම් එස්.ජයශංකර් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2421203011387668526

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item