'ෆේස්බුක් කළුකොඩි රැල්ල ඇරඹුණා' - ගම්මන්පිල

අද (02) දින ෆේස්බුක් සමාජ ජාලය තුළ කළු කොඩි ඔසවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. යහපාලන ආණ්‌ඩුවේ දර දඬු පාලනයට විරෝධය පාමින් රට පුරා කළු කොඩි එසව...

අද (02) දින ෆේස්බුක් සමාජ ජාලය තුළ කළු කොඩි ඔසවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

යහපාලන ආණ්‌ඩුවේ දර දඬු පාලනයට විරෝධය පාමින් රට පුරා කළු කොඩි එසවීමේ ව්‍යාපාරය මෙසේ ෆේස්බුක් ඔස්‌සේ ආරම්භ කරන බවයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ.

එමෙන්ම මෙම කළු කොඩි ව්‍යාපාරය යහපාලන ආණ්ඩුවට වසරක් සපිරෙන ජනවාරි 8 වැනිදා වන විට ගමක්‌ ගමක්‌, ගෙයක්‌ ගෙයක්‌ පාසා ගෙන යන බව ද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් පාලනය පිළිබඳව ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටින බවත් එම නිසා රට පුරාම කළු කොඩි දිස්‌වන ආකාරය පාලකයන්ට දැකගැනීමට හැකිවන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපාරය සඳහා විපක්‍ෂයේ ක්‍රියාකාරීන් මෙන්ම ජනතාව ද එකාමෙන්ම පෙළ ගැසී සිටින බව ද ඒ මහතා අවධාරණය කළේ ය.

ගම්මන්පිල මහතාගේ ෆේස්බුක් පිටුවෙහි මෙසේ කළු කොඩි පළකොට ඇතත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභල සාමාජිකයින් මෙම පුවත පළ කරන අවස්ථාවේදීත් කළු කොඩි පළ කොට නොතිබීම විශේෂයකි.

කෙසේ වෙතත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මීට පෙර සඳහන් කර තිබූයේ යහපාලන රජයට වසරක් සපිරීම සමරමින් රට පුරා ජාතික කොඩිය එසවීමේ ව්‍යාපාරයක් ගෙනයන බවයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1865805065777058342

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item