මාධ්‍ය සාකච්ඡා පවත්වලා ජාතිවාදය අවුස්සනවා - අර්ජුන රණතුංග
මෙවර ව්‍යවස්ථා සංශෝධනය වසර 05කට පමණක් වලංගු ව්‍යවස්ථාවක් නොවන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එය අවුරුදු තිහක, හතළිහක ...
http://www.sathhanda.com/2016/01/blog-post_653.html
මෙවර ව්‍යවස්ථා සංශෝධනය වසර 05කට පමණක් වලංගු ව්‍යවස්ථාවක් නොවන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
එය අවුරුදු තිහක, හතළිහක පමණ කාලයක් තුළ පැවතිය යුතු ව්‍යවස්ථාවක් බව හෙතෙම කියයි.
අමාත්‍යවරයා එතුමා මේ බව පැවසූවේ වේයන්ගොඩ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.
ජාතිවාදය අවුස්සමින් නැවත රට තුළ යුද්ධයක් ඇති කිරීමට උත්සාහ දරන කණ්ඩායම් වලින් ප්‍රවේශම් විය යුතු බවද හෙතෙම කියා සිටියේය.
ඇමතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
“සමහර ප්‍රදේශ වලට ගියාම අපෙන් අහනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට කන්නද කියලා. තරුණ අයට මේ ගැන අවබෝධයකුත් නැති වෙන්න පුළුවන්. මේ ගැන හොයලා බලන්න ඕන කමකුත් නැතිවෙන්න පුළුවන්. අපි මෙතනින් ඉවත් වෙන්න ඕන කාලය ඇවිත් තියෙනවා. මේ රටේ ව්‍යවස්ථාවක් හදනවා නම් මේ රටට උචිත ව්‍යවස්ථාවක් හදන එක තමයි ප්‍රධානම කාරණය වෙන්නේ. පසුගිය කාලේ එක එක්කෙනා මේක විවේචනය කරන්න පටන්ගත්තා. අමතක කරන්න එපා තාමත් මේ රටේ ජාතිවාදය අවුස්සන කණ්ඩායම් ඉන්නවා. උතුරෙත් ඉන්නවා, දකුණෙත් ඉන්නවා, නැගෙනහිරත් ඉන්නවා. මේ රටේ යුද්ධයකට පාර හදන තව කණ්ඩායම් මේ රටේ ඉන්නවා. තමුන්නාන්සේලාට පේනවා ඇති මේ කණ්ඩායම් එකතු වෙලා කරන්නේ මේ රට නැවත වරක් යුද්ධයකට ගෙනයාම. එහෙම කරාම තමයි ඒ අයගේ ජනප්‍රියතාවය වැඩිවෙන්නේ. මේ රටෙත් ඉන්නවා අන්තවාදී අය. සිංහල අන්තවාදී කණ්ඩායම්, දෙමළ අන්තවාදී කණ්ඩායම්, මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මේ රටේ ඉන්නවා. නමුත් අපි මේ රටේ ආණ්ඩුවක් හැදුවේ සියලුම ජන කොටස් එකට ජීවත් වෙන යහපත් සමාජයක් හදන්න.
Related