දේශපාලනයට එනවද නැද්ද ගැන ගෝඨාභය තීන්දු කරයි

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ භාර දෙන වැඩේ හරියට කරන කාටවත් බය නැති කෙළින් මිනිහෙක්. එයා දේශපාලනයට එනවද නැද්ද කියන එක තීරණය කරන්නේ එයා මිස මම නෙ...

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ භාර දෙන වැඩේ හරියට කරන කාටවත් බය නැති කෙළින් මිනිහෙක්. එයා දේශපාලනයට එනවද නැද්ද කියන එක තීරණය කරන්නේ එයා මිස මම නෙවෙයි යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. පසුගියදා මහනුවර, බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්හි නිරත වූ හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා ඉහත අදහස් පළ කළේය.

ගෝඨාභය රාජ්‍ය නිලධාරියකු වශයෙන් අවංකව එයාගෙ වගකීම ඉටු කළා. ආරක්ෂක හමුදාව නියමාකාරව මෙහෙයවමින් ත්‍රස්තවාදය පරාජය කළා. කොළඹ නගරය ලෝකයේ දියුණු වන හොඳම නගරය බවට පත් කරමින් නගරය දැවැන්ත සංවර්ධනයකට යොමු කළා. ඒවට බැනපු උදවිය අද ඒ තැන්වල ඉඳගෙන උත්සව තියනවා. එයා මොන දේ කළත් හරියට කරයි යැයිද ඒ මහතා කීය.

අද පාර්ලිමේන්තුවත්, ආණ්ඩුවත් එකම පක්ෂයක් බවට පත් වෙලා මේ විදියට ගියොත් රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න විදියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටකට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. ඒ ප්‍රබල විපක්ෂය හැදීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණයි. මේ විදියට රට යනකොට ජනතාව අනිවාර්යයෙන්ම ඉල්ලීම් කරයි ජනතාවගේ පක්ෂයක් පිහිටුවන්න කියලා.

ඒක කරන්න ශ්‍රී ල. නි. ප.ය පෙරට ආ යුතුයි. මම හැමදාම කියන දෙයක් තමයි නායකයන් දෙදෙනකුට එක රටක් පාලනය කරන්න බෑ කියන එක. තව කෙනකුගේ අදහස් තව කෙනකුට ගැළපෙන්නෙ නැහැ. ඉතින් මේ ලැබුව ජයග්‍රහණයෙන් නියමාකාර සේවයක් රටට කරන්න කිසිම කෙනකුට හැකියාවක් නැහැ. සංවර්ධනය කරනවලු. ඒ වුණාට පසුගිය වසරේ කරපු කිසිම දෙයක් අපට පේන්නෙ නැහැ. මේක හරියට අර කවුද රජතුමෙක්ගේ නොපෙනෙන ඇඳුම වගේ තමයි යනුවෙන්ද ඒ මහතා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3335386431142146824

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item