අලුත් මීටරයෙන් විදුලි බිල අඩු-වැඩි වෙන හැටි

හඳුන්වාදෙන නව ස්මාර්ට් විදුලි මීටරයෙන් මාසික විදුලි පරිභෝජනය ඒකක 120 ට වඩා වැඩි පාරිභෝගිකයන්ට වැඩි ප‍්‍රතිලාභ හිමිවන බව ලංකා විදුලිබල මණ්...

හඳුන්වාදෙන නව ස්මාර්ට් විදුලි මීටරයෙන් මාසික විදුලි පරිභෝජනය ඒකක 120 ට වඩා වැඩි පාරිභෝගිකයන්ට වැඩි ප‍්‍රතිලාභ හිමිවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මෙම ස්මාර්ට් විදුලි මීටරය සමග නව ගාස්තු ක‍්‍රමයක්ද හදුන්වා දෙන අතර පාරිභෝගිකයන්ට සිය අභිමතය පරිදි ඊට මාරුවිය හැකියි. 

නව ගාස්තු ක‍්‍රමයේදී සවස 6.30 ත් රාති‍්‍ර 10.30 ත් අතර පරිභෝජනය කරන විදුලිය සදහා සාපේක්‍ෂව වැඩි මිලක් අය කෙරෙනවා. දිනයේ සෙසු වේලාවන්හිදි අය කෙරෙන ගාස්තුව සාපේක්‍ෂව අඩුයි.

මේ අනුව වායුසමීකරණ භාවිතය, මෝටර් රථ බැටරි ආරෝපනය කිරීම සහ වැඩි වෝල්ටීයතාවක් සහිත උපකරන භාවිතය වැනි කටයුතු සවස 6.30 ත් රාතී‍්‍ර 10.30 අතර කාලයේදී සිදු නොකර දිනයේ සෙසු වේලාවකදි සිදු කිරීමෙන් විදුලිබිල අඩුකර ගත හැකි වනවා. 

කිසියම් පාරිභෝගිකයෙකුට මෙම නව ගාස්තු ක‍්‍රමයට මාරුවීමට අවශ්‍ය නම් ඒ සදහා තමන්ට අදාළ විදුලි උපපොලෙන් ඉල්ලීමක් කළ යුතුයි. ස්මාර්ට් මීටර් හදුන්වාදීම හෙට (08) නිල වශයෙන් ආරම්භ කරන අතර නියමු ව්‍යාපෘතීන් කොළඹ මහනගර සීමාවේ සහ මීගමුවේ සිදුකිරීමට නියමිතයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1221070346611263679

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item