විමල් - උදය - ජී එල් වැලිකඩ යති

ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බුද්ධි අ...

ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්  ඊයේ (06දා) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.

ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ,

"මූල්‍ය අපරාධ කොට්ඨාසය නාලක ගොඩහේවා මහතා අත්අඩංගුවට ගත්තේ කිසිම නීතිමය තර්කයක් නැතිව. ඇප දෙන්න බැරි පදනමක් යටතේ නඩු පවරලා අද වනවිට මාස ගාණක් තිස්සේ ඔහු හිරගෙදර තියාගෙන ඉන්නවා. රට වෙනුවෙන් විශාල කැපකිරීමක්, සේවයක් කරපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තමන්ගේ ජීවිතය ගැන නොතකා වැඩ කරපු අය.

ඒ අය හිරකූඩුවලට දාගෙන ඉන්නේ දෙමළ ඩයස්පෝරාව සහ දෙමළ සන්ධානය සතුටු කරන්නයි. ප්‍රගීත් එක්නැලිගොඩ කියලා පුද්ගලයෙක් ඝාතනය කළා කියලා සාක්ෂි හොයාගන්න බැරිව දැන් සාක්ෂි හොයමින් පොලීසිය හැමතැනම බඩගාන තත්ත්වයට පත්වෙලා. මේ අය නිකරුණේ සිරගත කර තියාගෙන සිටින නිසා ඔවුන්ගේ දරු පවුල් අද අසරණ වෙලා. මේ පිළිබඳව මතය රටට අරගෙන යන්න අපිට කළ හැකි සැමදේම කරනවා. ඒකෙ එක පියවරක් හැටියට තමයි අද අපි ඔවුන් බලලා දිරිමත් කරන්න පුළුවන් මැදිහත් වීමක් කළේ" යනුවෙන් පවසා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6054112055139083930

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item