රුපියල බේරීමට යමපාලනය හොර රහසේ දැවැන්ත මුදල් විශුද්ධිකරණයකට ලෑස්ති වෙයි

දැඩි අර්බුදයකට මුහුණදී සිටින රුපියල බේරාගැනීම සඳහා  ශ්‍රී  ලංකා රජය විසින් අදිසි ආයෝජකයෙකුගේ සරණ පතා ඇත. මුදල් අමාත්‍ය රවි කරුණානායක ...

දැඩි අර්බුදයකට මුහුණදී සිටින රුපියල බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අදිසි ආයෝජකයෙකුගේ සරණ පතා ඇත.

මුදල් අමාත්‍ය රවි කරුණානායක රොයිටර් පුවත්සේවය වෙත පවසා ඇත්තේ මෙම ආයෝජකයා විසින් ඩොලර් බිලියනයක මුදලක් ඩොලර් සංචිත ලෙස ශ්‍රී ලංකාව තුළ රඳවා තැබීමට කැමැත්ත පළ කර ඇති බවයි.

ඔහුගේ අනන්‍යතාවය හෙලි නොකළද අදාළ පුද්ගලයා බෙල්ජියම් ජාතිකයකු බවත් ශ්‍රී ලාංකිකකයකු සමග හවුලේ කටයුතු කරන්නනෙකු බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බැඳුම්කර හෝ වෙනත් ආකාරයේ ණය ලබාගැනීම වෙනුවට මේ සඳහා අනුමැතිය ලබාදුන් බවයි.

2%ක පොළියකට ලබාදෙන මෙම ඩොලර් බිලියනයක මුදල රුපියල ආරක්‍ෂා කිරීම සඳහා ඩොලර් බිලියන 3-4ක මුදලක් විදෙස් සංචිත තුළ පවත්වාගැනීමේ රජයේ සැලසුමට අනුකූලව ලබාගෙන ඇතැයි පැවසේ.

ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමේ මාර්ගයක් ලෙස මෙම මුදල් අවශ්‍ය ඕනෑ අවස්ථාවක ආපසු ගැනීමට ඔවුන්ට ඉඩ සලසා ඇති බවද රවි කරුණානායක මහතා පවසා තිබේ.

මෙමගින් මුදල් විශුද්ධිකරණයට ඉඩ සැලසෙන අතර මුදල් ආපසු ගැනීමට ආයෝජකයන් කටයුතු කළහොත් වඩා විශාල අර්බුදයකට මුහුණදීමේ අවදානමද ඇති බව ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය පවසා ඇත්තේ එම මුදල් උපයාගෙන ඇති මූලාශ‍්‍රයන් පිරික්සිය යුත්තේ ඒවා දැනට පවතින බැංකු වලින් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5382240249014085349

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item