එන්රික්ගේ තනපට හුටපටය දුරදිග යන ලකුණු

කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී ලතින් ඇමෙරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 20 වැනි දින පැවැත්වූ ස...

කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී ලතින් ඇමෙරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 20 වැනි දින පැවැත්වූ සංගීත සන්දර්ශනයේදී තරුණියක් තනපට ගලවා ගායකයාට දමා ගසන තත්ත්වයට පත්වීම, බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිය ඇතුළු ශ්‍රී ලංකාවේ සභ්‍යත්වයට හානි වන අයුරින් කටයුතු කිරීමට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි වාර්තා වනවා.

මේ ප්‍ර‍සංගය සඳහා නියමිත පරිදි නගර සභාවෙන් අවසර ලබාගෙන තිබුණේද යන්න සහ සමාජ විරෝධී ක්‍රියා සිදුවන අන්දමට ඇති වී තිබූ සංස්කෘතික හැදියාවන් විනාශවීම ගැනද “හෙළ බුදුසවිය“ සංවිධානයේ බුදුගල ජිනවංශ හිමියන් විසින් පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිල්ලක් පදනම් කොටගෙන එම පරීක්ෂණය ආරම්භ කොට ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මෙම විශේෂ පරීක්ෂණය කොළඹ අපරාධ කොට්ඨාස විසින් සිදුකරනු ලබයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5122131011536121458

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item