බටලන්දේ රනිල් හැසිරෙන්නේ තුංමුල්ලේ පද්මේ වගේ.. වසලයා කවුදැයි දැන් මුළු රටම දන්නවා..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ තුම්මුල්ලේ පද්මේ වගේ බවත් වසලයා කවුදැයි රටම දන්නා බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්...

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ තුම්මුල්ලේ පද්මේ වගේ බවත් වසලයා කවුදැයි රටම දන්නා බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙහෙි දැක්වෙයි.

යහ පාලන ආණඩුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය සැබෑ ස්වරූපය පාර්ලිමේන්තුවේදී පසුගියදා නැවත ප‍්‍රදර්ශනය කලේය. ඒ මාධ්‍යවේදීන්  දෙදෙනෙකුට ගෙම්බා සහ ඊරි යකා ලෙස තර්ජනය කරමිණි. අගමැතිවරයා මාධ්‍යවේදීන්ට එල්ල කල මේ තර්ජනය යහපාලන නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරීමකි. වික‍්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන්ට එල්ල කල මෙම තර්ජනය ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ලෙසත්, මහජන නියෝජිතයෙකු ලෙසත් දැඩි ලෙස හෙලා දකිමි. කලින් දවසේ මාධ්‍යවේදීන්ට ගෙම්බා සහ ඊරි යකා ලෙස ආමන්ත‍්‍රණය කල රනිල් වික‍්‍රමසිංහ මහතා එය විවේචනය කල මන්තී‍්‍රවරුන්ට සහ මාධ්‍යවේදීන්ට පසුදින වසලයන් යැයි කීවේය. රටේ සැබෑ වසලයා කවුදැයි රටට රහසක් නොවේ. වික‍්‍රමසිංහ මහතා සැබෑ වසලයා හදුනන්නේ නැතිනම් කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් බලන්නැයි ඔහුට යෝජනා කිරීමට කැමැත්තෙමි. එවිට වසලයා කවුදැයි ඔහුටම වැටහෙනු ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන්ට තර්ජනය කල පලමු හෝ අවසන් අවස්ථාව මෙය නොවේ. යහපාලන ආණ්ඩුව බලයට පත්වූ මුල් කාල සීමාවේම පුවත්පත්වල නම් කියමින් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍යයට තර්ජනය කලේය. අද ඔහු මාධ්‍යවේදීන්ට තමන්ගේ මිතුරන්ගේ නම් කියමින් තර්ජනය කරයි. එය අගමැතිවරයෙකුට තරම් නොවේ.  වික‍්‍රමසිංහ මහතාගේ මේ උද්දච්ච බැනවැදීමට ඔහු පිටුපස සිටි යහ පාලන නඩය හුරේ දමමින් අත් පොලසන් දෙනුද දක්නට ලැබිණි. ඉන් තහවුරු වන්නේ අගමැතිවරයා මාධ්‍යවලට කල තර්ජනය ඔවුන්ද අනුමත කරන බවයි. යහ පාලන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අද හැසිරෙන්නේ තුන් මුල්ලේ පද්මේ ලෙසය . වික‍්‍රමසිංහ මහතා මේ උත්සාහ දරන්නේ මාධ්‍යවේදීන්ට තර්ජනය කොට තමන්ට අවනත කර ගැනීමටය. ආණ්ඩුවට එරෙහි මන්තී‍්‍රවරුන්ට තර්ජනය කර ආණ්ඩු විරෝදය යටපත් කිරීමටය.

බටලන්දේ රනිල් හෙවත් පාර්ලිමේන්තුවේ වර්තමාන තුන් මුල්ලේ පද්මේගේ හැසිරීම පිලිබදව එක්සත් ජාතික පක්‍ෂය ගැන හොද හැටි දන්නා අපනම් පුදුම වන්නේ නැත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත්, රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුඵ යහ පාලන නඩය රටේ මාධ්‍ය නිදහස පිලිබදව කිඹුල් කදුඵ හෙඵ අයුරු අප දුටුවේය. 2001දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස රාලහාමිගේ මාධ්‍ය ඒකකය නමින් නිල නොවන මාධ්‍ය වාරණ ඒකකයක් කි‍්‍රයාත්මක කල රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඔය කියන තරම් මාධ්‍ය නිදහසක් නොලැබෙන බව අපි දැන සිටියෙමු. එදා ඒ රාලහාමිගේ මාධ්‍ය ඒකකය කි‍්‍රයාත්මක වූයේ වික‍්‍රමසිංහ මහතාගේ අතිශය පෞද්ගලික මිතුරෙකුද වන පෞද්ගලික ලේකම්වරයාද වන පොලිස් නිලධාරියෙකුගේ මෙහෙය වීමෙන් බව රටට රහසක් නොවේ. අදද නිල නොවන මට්ටමින් එදා කි‍්‍රයාත්මක වූ රාලහාමිගේ මාධ්‍ය ඒකකය අ`ඵ ගසා දමමින් නැගිටිමින් සිටින බව දක්නට තිබේ. වික‍්‍රසිංහ මහතා මාධ්‍ය වෙත එල්ල කරන මේ තර්ජනය ඒ සදහා ආරම්භයක් බව නොකියා බැරිය.

රාජපක්‍ෂ රෙජීමය මාධ්‍ය නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල පල්ලට දැමූ බව පවසමින් ගෙන ආ යහ පාලන ආණ්ඩවේ මාධ්‍ය නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෝරෙ ගලන බවට හොදම නිදසුන අගමැතිවරයා පසුගිය සතියේ අවසන් දින දෙක තුල පාර්ලිමේන්තුවේදී කල තර්ජනයයි. මාධ්‍ය කර මතින් බලයට පත්වූ යහ පාලන ආණ්ඩුවට අද මාධ්‍ය වහ කදුරු මෙන් තිත්ත වෙමින් පවතින බව වික‍්‍රමසිංහ මහතාගේ මෙම ප‍්‍රකාශවලින් පැහැදිලිවේ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එදා ඔවුන් කිඹුල් කදුඵ හෙ`ඵ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මාධ්‍ය නිදහස යහ පාලන ආණ්ඩුව යටතේම දැඩි අනතුරට ලක්ව ඇති බවයි.

බටලන්දේ රනිල් හෙවත් පාර්ලිමේන්තුවේ තුන් මුල්ලේ පද්මේගේ මේ තර්ජනය දැඩි ලෙස හෙලා දකින අපි මෙවැනි තර්ජන මගින් රටට ආදරය කරන සැබෑ මාධ්‍යවේදීන් සහ මන්තී‍්‍රවරුන්ගේ හ`ඩ යටපත්කල නොහැකි බවද දැඩි ලෙස අවධාරණය කරමු.

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)
ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2588626434150282413

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item