ඥානසාර හිමියන් රිමාන්ඩ් නියෝගයෙන් පසු හෝමාගම උසාවිය ඉදිරිපිට නොසන්සුන්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කරන්නේ නම් තමන්ද රිමාන්ඩ් කරන ලෙසට බලකරමින් භික්ෂූණ් වහන්සේ පිරිසක...


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කරන්නේ නම් තමන්ද රිමාන්ඩ් කරන ලෙසට බලකරමින් භික්ෂූණ් වහන්සේ පිරිසක් මේවන විට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටියි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබලේ හිමියන් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද නියම කළේ උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඊයේ පොලීසියට කළ නියෝගයකට අනූවයි.

ඒ අනූව උන්වහන්සේ අද හෝමාගම පොලිසියට භාරවීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කෙරිණ.

මෙම නියෝගය ලැබීමත් සමග නොසන්සුන් වූ බොදුබලය, රාවණා බලය හා සිහල රාවය යන සංවිධාන වල භික්ෂූණ් වහන්සේලා පිරිසක් බන්ධනාගාර බසයට ඉදිරියට යාමට නොදී මාර්ගය අවුරා මේවන විට විරෝධතාවයක නියැළෙන බව අප වාර්තාකරු පැවසීය.

උසාවි භූමියේ ආරක්ෂාව තරකරමින් පොලීසියේ මෙන්ම කැරලි මර්දන ඒකකයෙත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් නිලධාරීන් එහි කැඳවා ඇති අතර ජල බවුසරයක් ද එම ස්ථානයේ මේවන විට ස්ථානගත කර ඇත.

වෙනත් නඩු කටයුතුවලට පැමිණෙන පිරිස්වලට වෙනත් මාර්ගයකින්ම උසාවියෙන් නික්ම යාමට අවස්ථාව සලසා ඇති නමුත් බන්ධනාගාර බසයට යාමට නොහැකි පරිදි භික්ෂූණ් වහන්සේ කෑ කෝ ගසමින් ඥානසාර හිමියන්ට ඇප දෙන ලෙසත්, එසේ නැතිනම් තමන් වහන්සේලා රිමාන්ඩ් කරන ලෙසත්, ඉල්ලා සිටින බව අප වාර්තාකරු කීවේය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 580494531662465318

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item